
(අංජුල මහික වීරරත්න)
හරි අවුරුදු නැකැත් ඉදිරිපත් කිරීම ජ්‍යොතිෂ වේදීන්ගේ වගකීම වන හෙයින් ඒ කාර්ය හරියට කරන්නැයි ඉල්ලා සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීම වන්නේ අදාළ ජ්‍යොතිෂවේදීන්ට පහසුකම් සැලසීම පමණක් බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙවර නැකැත් පීටුවක් ඉදිරිපත් නොකරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසා තිබෙන බවත් පාර්ශ්ව දෙකක් නැකැත් සීට්ටු ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසා තිබෙන බවත් මාධ්‍යවේදියා එහිදී කීය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූයේ අලුත් අවුරුද්ද යනු වැදගත්ම සංස්කෘතික උත්සවයක් වන අතර ඊට නැකැත් සකස් කිරීම සඳහා ජෝතිර්වේදීන් සිටින බවයි.
සංස්කෘතික අමාත්‍යංශයේ වගකීම වන්නේ ඒ ජෝතිර්වේදීන් සඳහා පහසුකම් සැලසීමයි.ජනතාව අවිනිශ්චිත බවට ව්‍යාකූලත්වයට පත් නොකර සංස්කෘතික මංගල්‍යයේ හරය රැකෙන පරිදි නැකැත් සකසා ප්‍රකාශයට පත් කිරීම ඔවුන්ගේ වගකීමයි.ඒක ජ්‍යෝතිර්වේදීන්ගේ කාර්යභාරයක්. රජය ප්‍රකාශයට පත් කරන්නේ ජෝතිර්වේදීන් ලබාදෙන නැකැත් යනුවෙන්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් පාට් වලටත් රාජ්‍ය අනුග්‍රහය දෙනවා.