රාජ්‍ය සේවා වැටුප් විධිමත් කරන්න වෘත්තීය සමිතිවල අදහස් අසයි සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ , අනුකාරක සභාව වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගන්නා ගත්තේය. 16 September 2025
වී ගබඩාවට අලි පනිති වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 16 September 2025
ලොග්ගල්ඔය ජලාශයෙන් දුම්බෝම්බ 37ක් මතුවේ මහියංගනය ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම් බෝම්බ 37 ක් සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි . 16 September 2025
ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමු වෙති ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය. 16 September 2025
කොටුවේ හෝටලයක කසළ බඳුනේ ජීව උණ්ඩ 17ක් කොළඹ කොටුව හෝටලයක වැසිකිලියක කසල බඳුනක තිබී ජීව උණ්ඩ 17 ක් සොයාගත් බව කොටුව පොලිසිය කියයි. 16 September 2025
මහවැලි ගඟේ කාන්තා මළ සිරුරක් පේරාදෙණිය ගැටඹේ නව පාළම අසල මහවැලි ගඟේ තරුණ කාන්තාවගේ මළසිරුරක් ඇතිති බව පොලිසිය කියයි. 16 September 2025
මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ. 16 September 2025
මාගම්පුර වරාය බැංකුවකට කෝටි 683 ක් පොලු තියලා මාගම් පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 24 ණය මුදලකින් රුපියල් කෝටි 683 ක මුදලක් පියවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 16 September 2025
මාදම්පේ පාසල් වෑන් සියයට 99ක් අබලන් පාසල් දරුවන් ප්‍රවාහන තිබූ වෑන් රථ 54කින් වෑන් රථ 53ක් දරුවන් ප්‍රවාහනයට සුදුසු තත්වයේ නොතිබූ බව මාදම්පේ පොලිසිය කියයි. 16 September 2025
අහස වළාකුළින් බර වේ:තැනින් තැනට තද වැසි උතුර,උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළා කුලින බරව පවතිනු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 16 September 2025
මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු මෙම ජනවාරි මස 1 වැනිදා සිට මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 16 September 2025
අධිවේගි මගේ අනතුරින් තරුණියක් මරුට : 7ක් රෝහලට | වීඩියෝ කුඩා දරුවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් හත් දෙනකුත් තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 16 September 2025
හැඟීම් වලින් බැඳී නැති කෙනෙක්ට ජන නායකයෙක් වෙන්න බෑ හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි. 15 September 2025
විදුලි සේවකයන්ට වන්දි අරගෙන යන්න පුළුවන් විදුලිබල මණ්ඩලයේ සේවකයන් නව ක්‍රමයට අකමැති නම් වන්දි ගෙන ඉවත්ව යාහැකි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය. 15 September 2025
විදුලි සේවකයන් වර්ජනයකට සැරසෙයි විදුලිබල මණ්ඩලයේ සේවකයන් ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මෙම මස 21 වැනිදායින් පසුව වැඩවර්ජනයකට යන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (15) පැවසීය. 15 September 2025
කීරි සම්බා සඟවලාද? තොග වෙළෙන්දන් අලෙවි කරන කීරි සම්බා කිලෝවක මිල පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් වෙළඳපොලේ දැඩි කීරි සම්බා ඉඟියක් පවතින බව වෙළෙන්දෝ පවසති. 15 September 2025
මොරටු සරසවි වෙද පුහුණුව නාගොඩ රෝහලේ දී අරඹයි මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය වන සායනික පුහුණුව ලබා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ දී අද (15) ආරම්භ විය. 15 September 2025
රුහුණු කුමාරී නමින් පරිගණක අකුරක් එයි ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීම මරදාන දුම්රිය ස්ථානයේදී අද සිදු කෙරිණි. 15 September 2025
මරදාන දුම්රියපොළත් ’’හැඩ’’ වෙයි | වීඩියෝ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 15 September 2025
මෙරට ආර්ථිකයේ වර්ධනයක් ඇමෙරිකානු තීරු බද්ද අඩු කිරීමේ සිට හේතු කීපයක් නිසාවෙන් පසුගිය මාසයේදී මෙරට ආර්ථික වර්ධනයන් ධනාත්මකව විය. 15 September 2025
මිද්දෙනියෙන් හමු වූ ද්‍රව්‍යයේ ’’අයිස්’’ මිද්දෙනියේ ඉඩමකින් හමු වූ රසායනික ද්‍රව්‍යයෙන් ලබාගත් සාම්පල 20 න් 17 ක මෙතැපිටමින් හෙවත් අයිස් (Methamphetamine) මත් ද්‍රව්‍ය අන්තර්ගතවී ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පවසයි. 15 September 2025
සම්පත් මනම්පේරි අභියාචනාධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලයි අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් තබා ගත්තැයි කියන සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට සම්පත් මනම්පේරි නමැත්තා පෙත්සමක් ඉදිරිපත් කළේය. 15 September 2025
උසස් තනතුරු හතරකට උසස් නිලතල සභා අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත්කිරීමට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත. 15 September 2025
සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ් කොණ්ඩා කට්ටකින් සිගිරි කැටපත් පවුරේ අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද නියෝග කළේය. 15 September 2025
නිවාස නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි ගාල්ල නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිවාස ( තාක්ෂණික) නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 15 September 2025
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමෙන් අභියාචනයක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාව අයත් සී කොස්ටෝඩියම් සමාගමට එරෙහිව කොළඹ මහාධිකරණය පවරා ඇති නඩුව ඉවත දමන්නැයි ඉල්ලා එම සමාගම ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාළ සමාගම ගොනුකළ විශේෂ අභියාචන පෙතසම නොවැම්බර් 04 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 15 September 2025
මියගියැයි කියූ එක්දරු මව මරලා නිදි යහනේ මියගොස් සිටි බව කියූ එක් දරු මවගේ මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වීමත් මරණ පරීක්ෂණයට සාක්කි දීමට ආ මියගිය කතගේ සැමිය සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය කියයි. 15 September 2025
හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ හෙයින් එමගින් ඉතිරි වූ මුදල් යොදාගෙන ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 15 September 2025
වසන්තට එරෙහි පෙත්සමකට දින දෙයි නාවික හමුදා රැඳවුම් බාරයේ සිටියදී තරුණයන් 11 දෙනකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉවත් කිරීමට නීපතිවරයා ගත් තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියේ සම්බන්ධ තරුණයන්ගේ මව්පියන් විසින් ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභායට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 15 September 2025
ජනතාවට දිය හැකි සහන 5ක් වජිර කියයි හිටපු ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබා ගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ සිට ලයිට් බිල්, වතුර බිල් ,පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් අඩු වී ජනතාවට සහන ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 15 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026