
(නිමල කොඩිතුවක්කු)
කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය අද පස්වරුවේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.
මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීම සදහා වත්මන් රජය විසින් රුපියල් මිලියන 450කට අධික මුදලක් වැය කෙරුනු අතර මෙවැනි අති නවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය හා ස්නායු ශල්‍ය අංශය යන අංශවල ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්ව සිදුකිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරිණි.
කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර (Magnetic Resonance Imaging) 03 පසුගිය කාලය තුළ වරින්වර අක්‍රීය තත්ත්වයන්ට පත් වීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd