
(සුජිත් හේවාජුලිගේ )
දූෂණ සහ අක්‍රමිකතා පිළිබද ලිපිගොනු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) බලය ලැබෙන නව නීති දෙකක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතළ මූල්‍ය වංචා අල්ලස් හෝ දූෂණ ක්රීයා කර ඇති බවට කාරක සභා නිගමනය කළහොත් ඒ පිළිබඳ වාර්තා සභාගත කළ පසු පාර්ලිමේන්තුව තීරණය කරන අවස්ථාවකදී එම සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා වාර්තා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යොමු කිරීමට හැකි වන සේ මෙම නීති සංශෝධන ගෙන ඒ්මට නියමිතය
මෙම ස්ථාවර නියෝග සංශෝධන දෙක පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයකටද ඇතුළත් කරනු ලැබ ඇත..
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම පිළිබඳ යෝජනාවක්ද පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය.
දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විගණකාධිපති වාර්තා විමර්ශන කිරීම හැරෙන්නට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෝ විමර්ශන අංශ වෙත පැවරීමට කෝප් සහ කෝපා කමිටුවලට මෙතෙක් බලය නොතිබිණ. මෙම නව නීති සංශෝධන මගින් එම බලතල හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පවත්වන ප්‍රධානම පාර්ලිමේන්තු කමිටු දෙක වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ පියවරක්.