
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(9) සිදු විය.
මෙහිදී ජනාධිපතිවරයා මහනාහිමියන් සමඟ කෙටි පිළිසඳරක නිරත වූ අතර රජයේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට මහා නා හිමියෝ ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මාපලගම බුද්ධසිරි නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd