(අංජුල මහික වීරරත්න)

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු , දකුණු මන්මුනායි, එරුවිල් පත්තු ගම්මාන වලට  අනුරාධපුර, ගම්පහ සහ හම්බන්තොට තරුණ තරුණියෝ නෑගම් ගියහ.

Youth Link Sri Lanka යටතේ මේ වැඩසටහනට පැවැත්වෙි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවැසූයේ ජාතිවාදය, කුලවාදය මත පදනම්ව නැවත දේශපාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

 ජාතිකත්වයන්ට ඉදිරියෙන් රට පවතින බවත්,  එම අනන්‍යතා ආරක්ෂා කරගනිමින් අපිට  රට ගොඩනැගිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ වගකීම අපට පැවරී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම ගොඩනැගීම තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ හැඟීම හදන්න පුළුවන් තරුණ තරුණියන්ට කියලා අපි විශ්වාස කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.