
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල , මස්සල හන්දියෙන් මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු ගාලුපාරේ බස්නැවතුමක ආසන්නයේදී පාපූරුවෙන් ඇද වැටී රෝහල් ගත කරන විටත් මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද(11) පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ අංක 23/28 , පන්සල පාර, මස්සල, බේරුවල ලිපිනයේ පදිංචිව සිටි කෙරුවාගේ ඡන්ද්‍ර කුමාර ප්‍රනාන්දු(52) නමැති විවාහක දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (10) දින රාත්‍රී දහයට පමණ කොළඹින් ගමන් අරඹා මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයකට බේරුවල මස්සල හන්දිය බස්නැවතුමෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ ගොඩවී පාපූරුවේම රැඳී සිට් යදි බස් රථය ඉදිරියට ගමන් ගෙන මීටර් සීයක පමණ දුරකදි ඇද වැටි සිදුවූ බරපතල තුවාල සහිතව බේරුවල රෝහලට ගෙන ගිය බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd