(අංජුල මහික වීරරත්න)

රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනිමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර පවතින මිත්‍රශීලී සහයෝගිතාවයෙහි වැදගත්කම හඳුනා ගනිමින්, රාජකාරිමය කටයුතු වෙනුවෙන් දෙරට අතර සිදු කරනු ලබන ගමනාගමනය සඳහා පහසුකමක් සැලසීමත්, වීසා ලබා ගැනීමේදී සිදු වන අනවශ්‍ය බාධාවන් ඉවත් කර ගැනීමත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට එළඹීම පිණිස දෙරටේ අදාළ පාර්ශ්වයන් විසින් එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව, දෙරටෙහිම රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් හට විසා ලබා ගැනීමකින් තොරව දින 30 ක් නොඉක්මවන කාල සීමාවක් සඳහා අනෙක් ගිවිසුම් ගත පාර්ශ්වයේ භුමි ප්‍රදේශය වෙත පිවිසීමට, ඒ හරහා ගමන් කිරීමට හා රැඳී සිටීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.