
(අංජුල මහික වීරරත්න)
මැද පෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක් වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත විසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපය වෙත 2026-02-28 දින සිට ගුවන් ගමන් අවලංගු කිරීම නිසා මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින් හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර රටින් බැහැර වීමට නොහැකි වී ඇත.
එම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නිත්‍යනුකූලව රැඳී සිටීම සඳහා පහසුකම සැලසිය යුතුව තිබේ.
ඒ අනුව, 2026-02-28 දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිට වීමට නොහැකි වූ විදේශිකයින් හට දින 14 ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව විසා දීර්ඝ කිරීම් ලබා දීමටත්, තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගු කිරීම් පවතී නම්, ඔවුන්ගේ විසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14ක් දක්වා ශාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd