(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වු ප්‍රසාද් රණසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිෂන් සභාව වෙත ලද පැමිණිල්ලක් මත සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

කුණ්ඩසාලේ උඩ මළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජ වංශයේ අවසන් රජු වන  ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ  රජතුමාගේ. මාලිගයේ පිවිසුම් ගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්තේ සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමට අදාලව සිදු කරන ලද විමර්ශනය පරිදි සිදු නොකිරීමට  බලපෑම් කිරීම සහ අදාළ වරද සම්බන්ධ සමහර සැකකරුවන්ට ගැලවී යාමට ආධාර කිරීම තුළින්ම දූෂණය නම්  සිදුකිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

.