(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් යන කෘෂි අපනයන භෝග නැවත වගාව සඳහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පළතුරු වගාවන් කඩිනමින් නැවත වගා කිරීම සඳහා ගොවීන් වෙත සහන සැලසීමටත්, එම ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ගම් මිරිස්, කෝපි සහ කරදමුංගු වැනි සුළු අපනයන භෝග නැවත වගාවන් සඳහා සහන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති අතර, අදාළ සහනයන් ප්‍රතිලාභී ගොවීන් වෙත ලබා දීමට මේ වන විට පියවර ගනු ලැබ ඇත. 

එසේම, හානියට පත්ව ඇති තේ, පොල් සහ රබර් නැවත වගා කිරීම සඳහාද සහන සලසා දීමේ අවශ්‍යතාව පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මහා භාණ්ඩාගාරය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම නිර්දේශ මත පදනම්ව, ආපදාවේ බලපෑම අනුව පහත සඳහන් පරිදි සහන සලසා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථිත සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* තේ වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 500,000/ දක්වා.

*රබර් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 400,000/- දක්වා.

* පොල් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 750,000/- දක්වා සහන මුදල් ලබාදීමට නියමිතය.