(අංජුල මහික වීරරත්න)

2026-2028 සඳහා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව පවතින ගමනාන්ත හඳුනා ගෙන ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරමින් පළාත් 9ම ආවරණය වන පරිදි 2026-2028 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන වැඩසටහනක් සකස් කරනු ලැබ ඇත. 

ඒ සඳහා මුළු දළ ඇස්තමෙන්තුව රුපියල් මිලියන 2,667.03 ක් වේ. එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 131.02ක ඇස්තමේන්තු ගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එම සංචාරක සංවර්ධන වැඩ සටහන 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සහ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.