(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata XIIM පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සහ ස්ථාපනය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata XIIM පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03 ක් ලැබී තිබේ. එකී ලංසු අතරින් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් එකම ලංසුකරුගේ මූල්‍යමය ලංසුව ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය වසර 08 ක කාලයක් සඳහා Millennium IT.E.S.P. (Private) Limited වත රුපියල් මිලියන 2,197.96 ක ( බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.