අහස අද වලාකුළින් බර වේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස අද (27) දිනයේදී වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2021
අන්තගාමි දේශන පැවැත්වූ දෙදෙනෙක් අල්ලයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරාන් හසීම් දේශන පැවැත්වූ පුත්තලම ප්‍රදේශයේ මද්රසා පාසලක සේවය කරන පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 27 March 2021
කොස්පැළ ලක්ෂ දහයක් සිටුවන්න යයි ලංකා සමාජ සවිබල ගැන්වීම සංවිධානය කොස් පැළ ලක්ෂ දහයක් සිටුවීමට සැලසුම් කර ඇත. 27 March 2021
කෝටි පනහක් වියදම් කළත් ප්රශ්නය එතනමයි අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිර කිරීමට රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් 2019 සහ 2020 වසරවලදී වැය කර ඇතත් එම ගැටුම පාලනයක් නැතැයි රජයේ ගිනුම් සභාව පවසයි. 27 March 2021
ලක්ෂ 10 මත්පෙති සමග කතක් සැකපිට සමාජ ශාලා ඇතුළු සාදවලට සහභාගි වන පුද්ගලයින් විකිනීම සඳහා සඟවාගෙන සිටි රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාමකින් යුත් මත්පෙති තොගයක් සමඟ කාන්තාවක් තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 26 March 2021
‘‘සිංහරාජයේ වැව ගැන යුනෙස්කෝ මතය තාම නෑ‘‘ සිංහරාජ වනාන්තරයේ මාදුගැටේ ප්‍රදේශයේ වැවක් තැනීමට වාරි ඉංජිනේරුවන් කළ යෝජනාව පිළිබඳව අදහස් විමසා යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා පවසයි. 26 March 2021
පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළලා බණ්ඩාරගම බටකැටිය ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියක් ඇතුළු කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියය 26 March 2021
‘‘ලුසී‘‘ නිදහස් කරන්න,තරුණයෝ ඉල්ලති කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද නිහඩ විරෝධතාවයක් පැවැත් වූහ. 26 March 2021
‘‘විෂ පොල්තෙල් වෙළෙඳ පොළට ගිහින් නෑ‘‘ පිළිකා කාරක ඇපලටොක්සීන් අඩංගු පොල්තෙල් එක බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 26 March 2021
රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් මහ බැංකු බැඳුම්කර නිකුත්තුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 26 March 2021
‘‘පාස්කු වාර්තාව ඕපපාතික වෙලා‘‘ පාස්කු කොමිෂන් වාර්තාව අද වන විට ඕපපාතික වාර්තාවක් බවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා(ජාජබ)පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 March 2021
හිමිකරුවෙක් නැති පාර්සලයේ මත් පෙති ප්‍රංශයෙහි සිට ව්‍යාජ නමකින් තැපෑල හරහා ඩුබායි ඔස්සේ කටුනායකට එවා තිබූ මත් පෙති සහිත පාර්සලයක් රේගු මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත. 26 March 2021
පණ්ඩුල ඇඳගම නික්ම යයි ප්‍රකට විද්වතකු, මානව විද්‍යාඥයකු වූ ආචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභවප්ප්රාත විය. 82 හැවිරිදි වියෙහි වූ ඒ මහතා මානව වංශය ගැන පර්යේෂණ රැසක් කළ මානව විද්‍යාඥයෙකි. 26 March 2021
මන්ත්‍රී අනුර කුමාරගේ පෙත්සම 30 සලකා බලයි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරුකිරීම සඳහා මේ මස 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය. 26 March 2021
විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්ද පොලිසි යයි පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජන ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත අද(26) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 26 March 2021
‘‘පාස්කු ප්‍රහාරය ගැන දැන සිටියා නම් මඟ හරින්නේ නෑ‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 26 March 2021
යාපනයේ පැත්තක් වසයි කොරෝනා රෝගීන් 80 දෙනකු වාර්තා වීමත් සමග යාපනයේ ප්‍රදේශ කීපයක් වසා තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත. 26 March 2021
නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් නිදහස් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් තුන් දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන් නිදොස් කොර නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. 26 March 2021
රුපියලේ වටිනාකම තවත් අඩුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (26) නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය. 26 March 2021
මඟ වැරදුණු ත්‍රිරෝද රියේ රියැදුරුගේ හොරේ අසුවේ ගමන් මඟ වැරදී කොට්ටාව දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරුවට ඇතුළු කළ ත්‍රිරොද රථයක තිබී ගංජා සහ මත් ද්‍රව්‍ය සොයාගත් බව අධිවේගී අන්තර් හුවමාරු පොලිසිය කියයි. 26 March 2021
අන්තවාදයට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි අන්තවාදීමත පැතිර වීම,මුදල් රැස් කිරීම,සහ පාස්කු ප්‍රහාරය සාධාරණී කරණය කිරීම ඇතුළු අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් මාතලේ සහ මඩකලපුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 March 2021
බොරු පැමිණිල්ලක් කර අමාරුවේ වැටේ රුපියල් ලක්ෂ 23 ක මුදලක් සහ රුපියල් 80.000 ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එමින් සිටියදී හෙයියන්තුඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු විසින් කොල්ලකෑ බවට පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කිය. 26 March 2021
අද දවසේ කාලගුණය නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 March 2021
අල්ලස් කොමිසමේ ඉඩ පහසුකම් නැතිව නවකයෝ 200ක් ගෙදර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් හැටියට සුදුසුකම් ලැබූ උපාධිධාරින් දෙසීයකගේ පත්වීම් වසරකට අධික කාලයක් තිස්සේ පමාවෙමින් තිබෙන්නේ එහි ගොඩනැගිලිවල ඉඩකඩ මදිවීම හේතුවෙන් යැයි කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි. 26 March 2021
කොළඹ කුණුවලින් කෝටි 32ක පාඩුවක් කොළඹ මහනගර සභාව කසළ එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදි නගර සභාවට කෝටි තිස්දෙකක පාඩුවක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි. 26 March 2021
ආහාර දෙපාර්තමේන්තුවට කෝටි 36ක පොල්ලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙනත් ආයතනවලට කුලියට ලබාදුන් ගබඩා 237ක් සඳහා රුපියල් කෝටි 36ක කුලී ගෙවා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාකින් අනාවරණය වේ. 26 March 2021
‘‘ජිනිවා යෝජනාවේ යුද්ධය ගැන සටහන්ව ඇත්තේ පිටු දෙක හමාරයි‘‘ ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවෙි පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්ර විරෝධී පාලන ක්‍රමය ගැන යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි . 25 March 2021
‘‘ඉන්දියාව අපට එන්නත් නොකඩවා දෙනවා‘‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ආපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබාදෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. 25 March 2021
සිංහරාජ වන විනාශය බලන්න මන්ත්‍රීවරු 11 රක්වානට සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 11 දෙනෙක් රක්වාන ප්‍රදේශයේ අද (25) සවස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 25 March 2021
රවී ඇතුළු පිරිසට ඇප නියෝගය හෙට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනා හෙට (26) දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (25) දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. 25 March 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026