ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක්‍රමවේදය කළුතර අද අරඹයි රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක්‍රමවේදය අද උදෑසන සිට කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කළ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 21 May 2021
කොවිඩ් එන්නත විකිණීමේ ජාවාරමක් ඇතැම් කූට ජාවාරම්කරුවන් කොවිඩ් මර්දන එන්නත හොර රහසේ මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. 21 May 2021
රාජකාරී පැහැර හැරියැයි පොලිසියේ දෙකක් අල්ලයි වැලිගම නගරයේ දී පහරදීමකින් පසු බසයකට යට වී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරියැයි වැලිගම මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු අද අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 21 May 2021
ටේලරය පෙරළී වතු කාන්තාවෝ 21කට තුවාල ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ටේලරය ගැලවි ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එහි ගමන් ගත් වතු කම්කරු කාන්තාවන් 21 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 May 2021
පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්නත් මාරයාගෙන් බේරෙන් බැරි වෙයි මැදිරිගිරිය ට්‍රැක් 8 වැලිමංකඩ ප්‍රදේශයේ බූරු පොළකට පොලිසියෙන් පනිද්දී ඔවුන්ගෙන් බේරිමට කටුඩුලුවැව වාන් ඇළට පැන්න තිදරු පියකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 21 May 2021
අද සිට 28 දක්වා දුම්රියත් නෑ කොරෝනා සංචරණ සීමා පනවා ඇති අද මධ්‍යම රාත්‍රීයේ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සේනාරත්න මහතා පවසයි. 21 May 2021
දරුවෝ 1000 කොරෝනාවට ගොදුරු වෙයි මෙරට දරුවන්1000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වයිරසයට ගොදුරුව ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය . 21 May 2021
ටෙලියක් ගහන්න මිහින්තලේට ගිය 11කට කොරෝනා ටෙලි නාට්‍යයක රූගත කිරීමට ගොස් මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි ටෙලි නාට්‍ය කණ්ඩායමක එකොළොස් දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 21 May 2021
වැල්ලම්පිටියෙන් කසළ තේ කිලෝ 15000ට අල්ලයි වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 21 May 2021
1500 පොහොර මිටිය 3400ට විකුණලා වැඩිමිළට විකිණීම සදහා සගවා තිබූරුපියල් ලක්ෂ 18ක්පමණ වටිනා රසායනික පොහොර මිටි 1200ක් රිදීමාලියද්ද කුඩාලුනුක ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි . 21 May 2021
කොළඹ වරාය ආසන් මුහුදේ නැංගුරම් ලා තිබූ භාණ්ඩ නැවක ගින්නක් කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි නාවික හමුදාව කියයි. 21 May 2021
අන්තවාදි පන්ති සංවිධානය කළ අයෙක් අල්ලයි සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මාවනැල්ල හෙම්මාතගම දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින අත්අඩංගුවට ගෙන ඇත. 21 May 2021
‘‘කොරෝනා තොරතුරු වසන් කළොත් අපත් වසන්වේවි‘‘ කොවිඩ් රෝගීන් 3500කට ආසන්න පිරිසක් දිනකදී වාර්තා වුවද, එවැනි තුන්ගුණයක් සමාජයේ සිටිය හැකි බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 21 May 2021
කොරෝනා එන්නත් පල්ලේකැලේ හදයි සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත. 21 May 2021
ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී දිස්ත්‍රික් තුනක ග්‍රාම සේවා වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යාපනය,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වසම් නවයක් මෙසේ හුදකලා කර ඇත. 21 May 2021
සංචරණ නීති කැඩු 416 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 416 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 May 2021
කාලගුණයෙන් ධිවරයන්ට දැනුම් දීමක් උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පවතින නිසා එම මුහුදු ප්‍රදේශය තුළ අද (21) සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි. 21 May 2021
ඊශ්‍රායලයත් පලස්තීනයත් සටන් විරාමයකට එකඟවෙයි ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැයුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි. 21 May 2021
රටබීම නිෂ්පාදනයට තවත් සමාගම් දෙකක් අවසර ඉල්ලයි මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර කීපයක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 20 May 2021
සති දෙකකට රට වහන්න ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 May 2021
කොරෝනා ආසාදිතයෝ හයක් රෝහලෙන් පනිති නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙදෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 20 May 2021
නව නීතිපති සංජය රාජරත්නම් වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අද (20)අනුමැතිය ලබා දුන්නේය. 20 May 2021
කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් හදලා ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 20 May 2021
‘‘වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා‘‘ කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2021
පොදු ප්‍රවාහනය ගැනත් සොයයි බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් වල නිරෝධායන නීති රීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 20 May 2021
රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. 20 May 2021
රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක් බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය මත්ද්‍රව්‍ය ලබා ගන්නවාදැයි දැනගැනීම සඳහා සිදු කරන පරික්ෂණයට (DrugTest) අද සිට අනිවාර්ය කිරීමට ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ. 20 May 2021
එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 May 2021
රිමාන්ඩ් සිරකරුවන් ගැන නීතිපතිගෙන් රෙගුලාසි මාලාවක් ඇතැම් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ පහසුව සඳහා නීතිපතිවරයා විසින් නව රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. 20 May 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026