අලුත් අවුරුද්දට හාල් ලාබෙට අලුත් අවුරුදු සමයේ සුදු සහ රතු කැකුළු රුපියල් 95 ටත් නාඩු සහල් රුපියල් 93 ටත් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 25 March 2021
බටහිර පර්යන්තය සංවර්ධන වාර්තාව කඩිනමින් කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එම සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට නොපමාව ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 25 March 2021
පන්තියක උපරිම සිසුන් ගණන 15 සීමා කරයි බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි ලබන සඳුදා සිට යළි ආරම්භ කළ ද එක් පන්ති කාමරයක සිිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15කට සීමා කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. 25 March 2021
හොරෙක් අපාගත වෙන වැඩක් කරයි අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ලේකම් ධූරය හෙබවූ බටපොල මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 25 March 2021
රජයේ වියදම් අඩුකරන හැටි කබ්රාල් කියයි පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ ගෙන යෑම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 25 March 2021
ගුරු විදුහල්පති එකමුතුව කුරුණෑගල පාරවල් වසති එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූූහ. 25 March 2021
පෙරපාසල් සිසුවාගේ මරුවා වෑන් රථයෙන් එයි පාසල නිමාවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු එම වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 25 March 2021
වසර පහ පැන්න ලංගම සේවකයන්ට සුභ ආරංචියක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර පහට වැඩි සේවා කාලයක් සැපිරූ සියලු සේවකයන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 25 March 2021
‘‘මානව හිමිකම් කොමිසමේ උත්සාහය ප්‍රතික්ෂේප කරනවා‘‘ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. 25 March 2021
පාර්ලිමේන්තු මහලේකම්ට,මැතිවරණ කොමසාරිස්ට නොතීසි දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම් , මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන්ට අද ( 25) නොතීසි නිකුත් කළේය. 25 March 2021
ස්මාර්ට් බස් නැවතුම ජනතා අයිතියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ඉදිකිරීමට නියමිත ’’සුහුරු (SMART) බස් නැවතුම්පොළ ව්‍යාපෘතියේ පළමු බස් නැවතුම විවෘත කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී අද (25) සිදු කෙරිණ. 25 March 2021
ශ්‍රිලනිප යෝජනා කමිටුවට හෙට බාරදෙයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සකස් කළ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර ඇති කමිටුව වෙත භාරදීම හෙට (26) සිදුකෙරේ. 25 March 2021
‘‘විපක්ෂ නායකතුමා තාම ඉන්නේ හෝඩියේ පන්තියේ‘‘ ’’විපක්ෂ නායකතුමා ඉන්නේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ තේරුම් ගැනීමේ හෝඩියේ පන්තියේ’’ යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 25 March 2021
‘‘ජිනීවා යෝජනාවෙන් ලංකාව පැරදුණේ දුර්වල විදේශ ප්‍රතිපත්ති නිසා‘‘ ජිනීවා යෝජනාවෙන් ලංකාව පරාජයට පත්වූයේ රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 March 2021
රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 25 March 2021
දියවන්නාවේ අපද්‍රව්‍ය ඉවත්කරන්න යයි දියවන්නා ඔයේ ජලයට පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එකතුවූ අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 25 March 2021
ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා අපනයනය නවත්වයි ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇත. 25 March 2021
අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තියෙන් නවක වදය තුරන් කරන්න අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී නවක වදය තුරන් කිරීම ගැන විශේෂ අවධානය යොමු කරන්නැයි විශ්ව විද්‍යාල උපකුලපතිවරු පිරිසක් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා සිටියහ. 25 March 2021
පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ඇන්ටිගුවාහිදී කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. 25 March 2021
අවුල් වියවුල් මකන්න මැතිවරණ කොමිසමෙන් නව නීති යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 25 March 2021
‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘ පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය. 25 March 2021
පාස්කු විවාදය අද සහ හෙට පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේදි අද (25) සහ හෙට (26) පැවැත්වේ. 25 March 2021
ද්විත්ව චක්‍රය විදුලි බලාගාරය අප්‍රේල් සිට යළි වැඩ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්රියවුණු කැලණිතිස්ස ද්විත්ව චක්‍රය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට ලබන අප්‍රේල් 4 වැනි දා යළි එක් කෙරෙන බව ලංකාවිදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පැවැසීය. 25 March 2021
අද දවසේ කාලගුණය දිවයිනේ දකුණු අර්ධයේ අහස අද (25) දින වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 March 2021
බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොරෝනා ඉන්දියාවේ සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 24 March 2021
හුස්ම ගන්න ඉඩ ඉල්ලා ස.ජ.බ මන්ත්‍රීවරු පාරට බසිති රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී අද(23) පස්වරුවේ විරෝධතාවයක පවත්වති. 24 March 2021
මද්දකට අසුවූ කොටියා බේරා ගැනේ ආගරපතන බෝපත්තලාව රජයේ සත්ව ගොවි පොළ භූමියේ මද්දකට හසුව බරපතළ තුවාල ලබා සිටි කදුකර කොටියකු නිර්වින්දනය කර බේරාගත් බව පශු වෛද්‍යවරු පවසති. 24 March 2021
‘‘සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්න‘‘ ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් වැඩ ආරම්භ කර නොමැති සහ අතරමඟ නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේක්ම්වරුනට අද උපදෙස් දුන්නේය. 24 March 2021
කොරෝනා නිසා යාපනය සති පොළ වසයි යාපනය නගරාධිපතිවරයා ඇතුළු දහඅට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු යාපනය පොළ තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 24 March 2021
ජිනීවා ගැන දිනේෂ්ගේ විශේෂ ප්‍රකාශය හෙට ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (25) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 March 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026