(නිමන්ති රණසිංහ)
අකුණු සන්නාහකයක් මිලට ගැනීමට යැයි පවසමින් තැන්පත් මුදල් ලබාගෙන එම මුදල මෙන් පස් ගුණයක මුදලක් ආපසු ලබා දෙන බවට ගිවිසුම් ගත වී දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ කල්ලියක සැකකරුවන් 09 දෙනකු අද නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී වංචා සහගත ලෙසින් උපයාගන්නා ලද රුපියල් එක්කෝටි තිස් තුන් ලක්ෂ හැට දහසක මුදලක් සහ වෑන් රථ දෙකක් කාර් රථයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර, කැකිරාව, මරදන්කඩවල, රත්මලාන සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 60ත් අතර වයස්වල පසුවන අයවලුන් බවද ඔහු පැවසීය.
සැකකරුවන් ඔවුන්ගේ ජංගම දුරකතනයේ ඇති අකුණු සන්නාහකයක ඡායාරූපයක් පෙන්වමින් එය දැනමටත් යුක්රේන් රාජ්‍යයේ ගනුදෙනුකරුවකු රුපියල් කෝටි තිස් දහසක මුදලකට මිලදී ගැනීමට සුදානමින් සිටින බවත්, ඒ සදහා තැන්පත්කරුවකුගෙන් රුපියල් පන්ලක්ෂ විසි දහසක මුදලක් ලබා දෙන ලෙසත් පවසමින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මෙම වංචාවට හසුකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
අකුණු සන්නාහකය යූක්රේනයට විකිණීමෙන් පසු රුපියල් ලක්ෂ පහක තැන්පතුවක් ලබා දෙන අයකුට රුපියල් කෝටි 100ක ප්‍රතිලාභයක් ලබා දෙන බවට මෙම සැකකරුවන් සදහන් කර ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් තියෙන කුලුනක්. කාගෙවත් දුරකථනයක පෙන්නපු ෆොටෝ එකක්. කොහේදෝ නොදන්න රටක ඉන්නවා කියපු ගැනුම් කාරයෙක්. කවදා හෝ නොදන්න දවසක දෙයි කියපු මහා සල්ලි කන්දරාවක් වෙනුවෙන් තමන් අතේ තියෙන සල්ලි ටික දෙන්න තරම් මෝඩයෝ ඉන්න රටක දේශපාලුවෝ මෙහෙම කරන එක පුදුම වෙන්න දෙයක් නෑ..
ඕක අද ඊයේ වෙන දෙයක් නොවේ දැන් අවුරුදු ගානක ඉදන් වෙන දෙයක්.
මේ කියන විස්තරේට පොඩි ළමයිවත් රැවටන්න බැ ,නොදන්නා හේතුවක් තියනවා.
ඕවට සල්ලි දීලා තියෙන්නේ දෙකවත් පාස් නතු මෝඩයෝ.