(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී ඉකුත් 09 වැනි දින රාත්‍රී ප්‍රහාරයට ලක් වූ අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට ඇප ලබා දෙන ලෙසට අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද නියෝග කළාය.
බන්ධනාගාර ගත කරන ලද රැදවියන් දෙදෙනාට බන්ධනාගාරයේදී පහර දීමක් සිදුව ඇති බව රැදවියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කන්ඩායමක් අධිකරණය හමුවේ අද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් මෙම නියෝගය කරනු ලැබීය.
රැදවියන් දෙදෙනාට ඇප ලබා දීමෙන් අනතුරුව රැදවියන් දෙදෙනාට බන්ධනාගාරය තුළදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් ඉහළ පොලිස් නිළධාරීන් ගෙන් සමන්විත කන්ඩායමක් විසින් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට දැනම් දෙන ලෙසටද විනිසුරුවරිය නියෝග කොට තිබුණි.
නීතිඥවරුන්ගේ ඉල්ලීම මත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම අඟුණකොළපෑලැස්ස පොලීසියෙන් ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීම සලකා බලා විනිසුරුවරිය විසින් පොලිස් පතිවරයාට මෙම නියෝගය කරුනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර අනුරාධපුර බන්ධනාගාරේ පිස්තෝල තියලා දැනගස්සපු එකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.?
දේශපාලුවන්ට අවශ්‍යම දඩුවම දුන්නයින් පස්සේ නිදහස් කරත් කමක් නැහැ