(අංජුල මහික වීරරත්න)

රටේ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.

රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම  සාකච්ඡාව පැවැත්විණි.

මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.