
(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෘජු ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා ගුරු සහ විදුහල්පති නියෝජිතයන්ට හෙට (12) දැනුම් දීමට නියමිතය.
ආණ්ඩුවේ ස්ථාවර විසඳුම ප්‍රකාශයට පත් කිරීම සඳහා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින්ට හෙට (12) දහවල් 12ට කොළඹ අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය අද පස්වරුවේ දැනුම්දී තිබිණ.
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනා අනුව වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමති අනුකමිටුවේ යෝජනා අදියර හතරකින් ක්‍රියාත්මක කිරීමට රජය මුලින් තීරණය කර තිබූ අතර ගුරු හා විදුහල්පති සංගමය සංගම් එය ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් ඇමති අනුකමිටුවේ වැටුප් යෝජනාව අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට ගුරු හා විදුහල්පති සංගම් එකඟතාවය පළ කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව දින 94ක් තිස්සේ පවතින ගුරු හා විදුහල්පති වැඩ වර්ජනය බොහෝවිට හෙට දිනෙන් අවසන් වනු ඇතැයි වාර්තා වේ.
මේ අතර ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් නාහිමියන් අතර සාකච්ඡාවක් අද (11) පැවැත්විණ.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ තුලදී ලොකු ටෝක් දුන්නට යුනියන් ඉදිරියේ හාවෙක් වෙලා.
එක රාජ්‍ය සේවක පිරිසකගේ ප්‍රශ්නයක් විසඳන්න තවත් රාජ්‍ය සේවක පිරිසකගේ වෘතිය සමිති ප්‍රධානියෙකු සමග සාකච්චා කරනවා. අපේ අම්ම මුත්තා කාලයේවත් තිබුනෙ නැති ප්‍රශ්න විසඳීමේ කලාවක්. මේවට හිනහ වෙන්නේ කොයි පැත්තෙන්ද කියල මට නං තේරෙන්නෙ නෑ.
නින්දෙන් ඇහැරිලා තියෙන්නේ අදද .ඔය ලෝකේ පුරා හංගලා තියන සල්ලි ආයිත් ලංකාවට ගෙන්වා නම් ගුරු වැටුප් විතරක් නෙමෙයි ලංකාවේ ණය 75% ක් ගෙවලා දාලා අවුරුදු දෙකක් විතර යනකම් රට කිසිම කරදරයක් නැතුව දුවන්න පුළුවන්