(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද රාත්රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්රකාශ කර ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් කියන්න ඇති කොහොමහරි පළාත් සභා චන්දෙ ඉවරවෙනකල් පාඩු පිට අල්ලාගෙන ඉන්න චන්දෙන් පස්සේ ඇරියසුත් එක්ක වැඩි කරමු කියලා
මාරම විසදුම.... සෑර් එහෙනම් අනිද්දා වැඩිකරමු.... අන්න මොලේ...
එහෙම මිල ලොකු ගානකින් වැඩිවෙලා නැහැ අනිත් රටවල, මේ අයගේ බොරු.
මොනවද මේ කතා , ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවන විට අපට කවදාවත් සහනයක් දුන්නෙ නෑ. හැබැයි මංගල සමරවීර මැතිතුමා ඉන්න කොට මිල සුත්රයක් කියල එකක් හදල අපට සහනයක් දුන්න. ( ඒ ආන්ඩුව හොඳයි කියනව නෙමෙයි) ඒත් අද ඒව නෑ වැඩි කිරිම පමනයි. ගැස්, පාන් හාල් සිමෙන්ති, අනිත් බඩුවලත් මිල ගනන් අහස උසට නැගල. එකෙක් කියනව පුලුවන් මිනිස්සු බඩු ගනියි ලු අනිත් අය අර පිරිමැස්මෙන් ජිවත් වෙයි කියල.
ඒ ආණ්ඩුව හොඳයි කියනවා නොවෙයි. එහෙත් මිල සුත්රයටත් කෝචෝක් කරපු අය දැන් කැබිනට්ටුවේ කියක් ඉන්නවද? ඇයි ජනතාව මුලා කරන්නේ? ඡන්දය ගත් පසු මිල වැඩිකිරීම් සාධාරණය කරන්න තමයි දැන් කටවල් ඇරෙන්නේ.
පලාත් පාලන ඡන්දෙ ඉවර උනාම ඉන්න මම කරන දේ පෙන්නන්න.
වියතුන් යැයි කියා ගන්න පිරිසක් සිටින මේ ආණ්ඩුව වැඩ කරන්නෙ හරියට කවුද වගේ. ලංකාවෙ ප්රයෝජනයට නොගත් තෙල් ටැංකි විශාල ගණනක් තිබියදී අනුන්ට ඇගිලි දික්කරමින් සිටිනවා විනා තෙල් මිල බිංදුවට වැටුණු වේලාවලදී තෙල් ගබඩා කර ගත්තා නම් මෙහෙම වෙනවාද වියතුනේ.
අද හෙට එපා. අනිද්දා හරි ඉන්අනිද්දා? හා
අනිද්දට කමක් නැහැ නේද?
අපේ සර්ටත් තියෙන්නෙ මොළයක් නෙවෙයි, මොළ ගේන නැවක් .
එහෙනම් මිල වැඩිකරපු ගෑස් වලින් ඊයෙ ගොඩබෑව රටහාලෙන් කිරිබතක් උයන් කාලම අනිද්දට වැඩිකරමු සර්...
අද අද එයි මරු පිං කරගන්නේ කියලා පැරැනුන් කියා තිබෙන්නේ අද හෙට මතුවට කුමක් කියන්නේ මිනිසුනි දැන් ඇති අවදි වෙයන්නේ
අදයි හෙටයි නෙවෙයි හැබැයි අනිද්දට.
ගිය අවුරුද්දේ මිල ඉතා අඩුවට තියෙන කොට ඒ සහනය ජනතාවට දෙන්නේ නැතිව මේ ගොල්ලෝ කියුව නේද කවදාවත් අඩු කරන්නෙත් නැහැ වැඩි කරන්නෙත් නැහැ කියලා.
ඔව් ඔව්. පලාත් සභා පැරදුනාම වැඩි කරමු.
අපූරු උපදෙස ... ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න. ඒ කියන්නේ හෙටින් පස්සේ වැඩිකරාට කමක් නැහැ. මේ වගේ විහිළු කතා තියෙන්නේ මේ රටේ පමණක් වෙන්නට ඇති ..
ලෝක වෙළඳපොළේ මිල පහල ගිය වෙලාවේ මිල අඩු නොකර මුදල් සංචිතයක් ඇති කරනවා කීවා නේද? දැන් ඒ මුදල් නෑ කියනකොට පාරිභෝගිකයාගෙන් මුදල් වංචා කරාට ජෙවිපෙ වත් නැද්ද පාරිභෝගිකයා වෙනුවෙන් නීති මාර්ගෙන් කටයුතු කරන්න
වැඩි කරන කොට එක පාරටම 100 ක් විතර වැඩි කරන්න .කෝ බයියෝ නැද්ද කිරිබත් කන්න ?
තව ටික කලක් මේ විදිහට තියාගමු ,එතකොට මිල වැඩි කරන කොට ගෑස් වලට කරා වගේ විශාල ප්රමාණයකින් මිල ඉහල දමන්න පුළුවනි .ජනතාව හරි කැමති වෙයි