
(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (11) පස්වරුවේ මුදල් ත්‍යාග පිරිනැමීය.
එහිදී දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක්, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීය.
ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විණී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝසයි. අනෙකුත් සියලුම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට මෙය ලොකු පිටිවහලක් වේවි...!
ක්‍රීඩකයින් අස්සට සාටක කාරයෙකුත් රිංගලා... කිසිම ගැලපීමක් නැහැ.
ඔය දීලා තියෙන්නේ තමන්ගේ පුද්ගලික මුදලින්...
මේ පිටිගලගේ ටික දවසක ඉදලා මොලේ කොලොප්පම් වෙලා. නාමල් කියන්නේ ක්‍රීඩා ඇමති බවවත් දන්නේ නැද්ද?
මම ඉන්න රටේ ඔය සල්ලිවලින් කාමර දෙකක පොඩි ගෙයක්වත් ගන්න බැහැ. ඒ තරමට රුපියල බාල්දු වෙලා තියෙන්නේ.