
(නිමන්ති රණසිංහ සහ අමදෝරු අමරජීව)
පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් කන්තලේ දුම්රිය ගේට්ටුව අසල දී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු අද (12) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරින් තවත් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.
කන්තලේ මූලස්ථාන පොලිසියේ ඊයේ (11) රාත්‍රී තිබූ සාදයකට සහභාගි වීමෙන් පසු නැවත යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
(ඡායාරූප: අමදෝරු අමරජීව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාද තහනම් නේද.. සාදයක් අල්ලන්න ගිහිංද?
මුන්ගේ ලේ පරීක්ෂා කළා නම් හොඳටෝම බීලා ඉන්න ඇති
පොලිසියට මොන තහනම්ද ?
ජිවිතයක් අහිමිවීම ගැන නම් කණගාටුයි.
මගදී 5000 දීලා ෂේප් වෙලා එන්න ඇති මෙතනදී කොටු උනා.