(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 984 කින් ඉහළ  දැමීමට තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග ලාෆ් ගෑස් කිලෝ 12.5  සිලින්ඩරයක නව මිල රුපියල් 2840 ක් බවට පත්විය.

 ලාෆ් ගෑස්  කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 393 කින් ඉහළ දමා ඇති අතර එම ගෑස් සිලින්ඩරය නව මිල රුපියල් 1136 කි.

ලාෆ් ගෑස් සමාගමට පසුගිය අගෝස්තු මස ද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදුන් අතර එම ගෑස් සිලින්ඩරයක් ඊයෙ දක්වා රුපියල් 1856 කට අලෙවි කළේය.