(නිමල කොඩිතුවක්කු)

19 වැනි සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහණ එකින් එක වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තරයෙන් රටට සම්බාධක පැනවීමට වැඩි ඉඩක් ඇති බවත් ජාත්‍යන්තරය ජයග්‍රහණය කර රට ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩුව වහාම තමන්ගේ වැරදි තැන් නිවැරදි කර ගැනීමට කටයුතු කරගත යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.