
(රංජන් කස්තුරි)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ විර්ශන කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද පස්වරුවේ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත බාර දුන්නේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015-07-01 වැනි දා සිට 2021.03 17 දක්වා කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමැතිවරයා විසින් එම කමිටුව පත් කර තිබිණි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම පංචපුද්ගල කමිටුවේ පූර්ණ වර්තාව පසුව නිකුත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd