
( සුමිත් ප්‍රේමතිලක )
සුනඛයින් 6 දෙනෙකු අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස රැගෙන යමින් සිටි යුවළක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
නීති විරෝධී අන්දමින් සුනඛයින් කරත්තයක දමා රැගෙන යන බවට සුනඛයින් සුරැකීමේ සංවිධානයක් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක තුසිත සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම වාද්දුව දුම්රිය පොළ ආසන්නයේ දී ගැබ්බර බැල්ලියක සහ තවත් ගැහැනු පැටවුන් පස්දෙනෙකු සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව ඔවුන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කලේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොළඹ 2 , ජෝෂන් වීදියේ පදිංචි මොහොමඩ් සුද්ධීක් මොහොමඩ් (42) සහ වැලිපිටිය කෝරළගේ ශ්‍රියානි නමැති (38) හැවිරිදි කාන්තාවකි .
සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් , ඔවුන් යම් මානසික ආබාධයකින් පෙලෙන්නේද ? යන්න සොයාබැලීම සදහා මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීමට අවසර ලබාදෙන ලෙසත් උප පොලිස් පරීක්ෂක සුදත් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊළඟ නඩුවාර දිනයේදී වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවාලීමට පොලීසියට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාරයට නියම කළ අධිකරණය, සුනඛයින් පංශු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සුරතල් සතුන් රැක බලගන්නා මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසද නියම කලේය .
පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක සුදත් ප්‍රනාන්දු සහ කොස්තාපල් කේ.සී.ප්‍රියසංක චාමර (69922) අධිකරණයට කරුණු වාර්තා කළහ. නඩුව ලබන ඔක්තෝම්බර් 18 වනදා යළි කැඳවීමට නියමිතයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බල්ලෝ මස් කඩේදී එළුවෝ බවත් පරිවර්තනය වෙන්නත් පුළුවන්
මට නම් පේන්නේ චීන්නුන්ට විකුණන්න අරන් ගියා වගේ...!
මේ වගේ වරදකටත් රිමාන්ඩ් කරනවද. මටනම් තේරෙන්නේ නැත
මිනීමරුවන් නිදහස් කරනවා. බල්ලන් අරන් ගියොත් රිමාන්ඩ් කරනවා. ඔය බල්ලන් ටිකව, පිටරටින් ලොකු ගණන් වලට බල්ලන් ගෙනත් හදන දේශපාලුවන්ටම දීලා දාන්නයි තියෙන්නේ....
ප්රසාද්ගෙත් මනස හොඳ නැති නිසා මෙය තේරුම් ගන්න බැහැ...
මට හිතෙන විදියට මේ සතුන් මස් සඳහා ගෙන ගිහින් ඇති බවකුයි පෙනෙන්නේ...