
(සුජිත් හේවාජුලිගේ)
ව්‍යාපෘතියක් අසාර්ථක වුවහොත් ඒවාට මුදල් ලබාදීම නවත්තන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
ව්‍යාපෘති සඳහා ඉදිරි අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් මුදල් වෙන් කරන්නේ ව්‍යාපෘතිවල ප්‍රගතිය කාර්තුවෙන් කාර්තුවට නිරීක්ෂණය කිරීමෙන් පසුව බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
සාර්ථකත්වයක් නොපෙන්වන ව්‍යාපෘති සඳහා මුදල් නැවත වෙන් නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ඊයේ (12) පැවති සාකච්ඡාවකදීය.
රටේ ආහාර හිඟයකට ඉඩ නොතබන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආදර්ශයක්... රජය අසාර්ථක නම් අපි ආදායම් බදු ගෙවන්නේ නැහැ හොඳේ... හාද?
පටන්ගන්න කළින් ශක්‍යතා වාර්තාවක් හදන්නේ ඒකට නේද? අයියෝ මොල 07 පණ්ඩිතයා...
ඔහොම තමයි බලයට ආපු ගමන් මෙයාගේ සහෝදරයාත් කිව්වේ. අමාත්‍යාංශවලට පවුලේ සාමාජිකයින් පත් කරන්න බැහැ, අලුත් ගොඩනැගිලි බද්දට ගන්න බැහැ, වාහන ගන්න බැහැ, එයාව උත්සව වලට ආරාධනා කරන්නත් එපයිලු.., කාර්ය බහුල නිසා... දැන් කාර්ය බහුලේ ප්‍රතිඵල පේනවනේ... මේවා ජනතාව මුලාකරන පට්ටපල් බොරු...
ඒ සල්ලිත් මගේ සාක්කුවේ... කොහොමද මගෙ ටිකිරි මොලේ...?
එහමනම් මුලින්ම මුදල් ලබා දීම නවත්තන්න පටන් ගන්න ඕනේ හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන්තොටුපොලේන් සහ සූරියවැව ක්‍රීඩාංගනයෙන් .
අපි නොදන්නවා නෙවෙයිනේ මෙයාලගේ වැඩ
ව්‍යාපෘතියේ සාර්ථක, අසාර්ථක බව පෙනෙන්නේ එය අවසන් වුණාම නේද? එතකොට මුදල් දීලා ඉවරයිනේ...