
(යොහාන් භාසුර)
’කොරෝනා’ වයිරසයට ගොදුරු වී මරණයට පත්වූ 13000 කට අධික ශ්‍රී ලාංකියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (12) පැවත්විණි.
අග්ග මහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි, අමරපුර මහා නිකායේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දානමය පිංකමට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාතේ සංඝනායක සහ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන යන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වූහ.
හුණුපිටිය ගංගාරාම විමාහරස්ථායේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ අනුශාසනාකත්වයෙන් මෙම දානමය පිංකම පැවත්විණි.
හුණුපිටිය ගංගාරාම විමාහරස්ථායේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ පැවසුවේ ‘කොරෝනා’ ආසාදනය වීම හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ අසූ නමක් පමණ අපවත් වී ඇති බවයි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථායේ දායක සභාවේ සාමාජික දසුන් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික දායකත්වයෙන් මෙම දානය ප්‍රදානය කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිිිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුන් හෝ වේවා මේ කර ඇත්තේ ඉතාමත්ම හොඳ දෙයකි... මෙයට දායකත්වය දැක්වූ සැමට යහපතක්ම වේවා... මේ රෝගයෙන් මියගිය ලංකා මාතාවගේ සියලුම දූ දරුවන්ට නිවන්සුව අත්වේවා...!!! එමෙන්ම මේ නිසා මියගිය ලෝකවාසී සැමට නිවන් සුව අත්වේවා...!!!
දන්නේ නැති හින්දා අහන්නේ.. පින් අනුමෝදනා කළාම ඒ අයට මොනවද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණාම පින් අනුමෝදනා කරන්න කියලාද දේශනා කළේ? එසේනම් අපිට පුළුවන්ද වෙනත් කෙනෙක් සසරෙන් එතෙර කරවන්න පින් අනුමෝදනා කරලා? නමුත් මා අසා ඇති විදියට නම් බුදුන්වහන්සේ වදාලේ තමාගේ විමුක්තිය සාක්ශාත් කරගත යුත්තේ තමන්ම බවයි. එසේ නම් නැවත මම පළමු ප්‍රශ්නයම අසමි...
කවුද කොරෝනා හැදිලා මැරුණේ? ඔය එදා ඉඳලා රට කන සෙට් එක නම් යහතින් ඉන්නේ...