
(යොන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මියගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ව්‍යවස්ථාව හදුන්වා දෙන අවස්ථාවේදීම එහි දුර්වලතා තිබූ නිසා ඒ සමඟ රටට ඉදිරියට නොහැකි යැයි එහිදී පැවසූ බවත් රට වර්තමානයේ පත්ව තිබෙන තත්වය අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙය හොඳම අවස්ථාව බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කියති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.
“රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
එහි තිබිච්ච අඩුපාඩුකම් එහි තිබිච්ච දුර්වලතා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒක නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සළකා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගික විරසකයන්ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විදියට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව.
ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොටම නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනල්ලා අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සිවෙලා පත්කර ගත්තු ආණ්ඩුව දැන් මහන්සි වූ කට්ටිය කියන කිසිදෙයක් අහන්නේ නැතුව හිතුණු හිතුණු දේවල් කරන එකේ මේ උපදේශය විතරක් අහයි කියලා හිතන්න අමාරුයි...
ඉතාමත්ම වටිනා අදහසකි. කවුරු හෝ පළාත් සභා අවශ්‍ය බව කියනවා නම් ඒ කෙනා රටට විපත් කරන්නෙකි. පළාත් සභා අවශ්‍යද? නැද්ද? මෙතෙක් ජනතා මතය විමසා නැත. පළාත් සභා අහෝසි කිරීමේ ගැටලු ඇත්නම් ජනමතය විමසා බලන්න. අපේ අදහස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ පළාත් පාලන ආයතනයක් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු පත්කිරීම ප්‍රමාණවත් බවයි...
බෞද්ධ භික්ෂූන් දේශපාලනයට එන්නත් එපා...
පළාත් සභා වැඩක් නෑ... ඒ වුණාට ඉන්දියාවට බය නිසා මොනවා කරයිද දන්නේ නැහැ. ලොකුවට, උජාරුවට, කයිවාරු ගැහුවට විදේශ බලවේගවලට දැන් ගහනවා. ප්‍රාදේශීය සභා තිබ්බොත් ආණ්ඩුවට ජනමතය බලාගන්න පුළුවන්...
මුළුමනින්ම සුදු අලියෙකු වන පළාත් සභා අවශ්‍යම නැත. ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුව සහ ප්‍රාදේශීය සභා හොඳටම ප්රමාණවත්ය. පළාත් සභා යනු මැති ඇමැතිවරුන්ගේ දරුවන්ට දේශපාලනයට ඒමට පුහුණු පාසලක් වැනි ස්ථානයක් සේම ජනතා මුදල් ගසාකෑමට තෝතැන්නක් බව අතීතය දෙස බැලීමේදී පැහැදිලිය.
පලා බබා අපිට එපා.
ඔව් ස්වාමීනි, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පාලනය කළ බොද්ධ පාසල් 38 ක් දකුණු පළාත් සභාව විසින් වසා දමා තිබෙනවා. පළාත් සභාවට සම්බන්ධ අය පාසල් ගොඩනැගිලි පවා හොරා කඩාගෙන ගියා. අවශ්‍ය නම් එම පාසල් වල නම් ටික ඔක්කොම කියන්නම්. අපේ අම්බලන්ගොඩ තානායම රුපියල් 75000/-කට වික්කා. නමුත් තානායමේ වටිනාකම රුපියල් කෝටි 100 කටවත් මිල කරන්න බැහැ. තානායමේ තිබුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අඩුම තරමින් අවසරයකින් තොරව තීන්තවත් ගෑමට තහනම් කළ තානායමේ බිත්ති සියල්ල විනාශ කොට එහි දේපළ දේශපාලකයින් විසින් සොච්චමට මිලදී ගත්තා. නගරයේ තියෙන සම්පත් ඔක්කොම දකුණු පළාත් සභාවට සම්බන්ධකම් පවත්වනු පිරිසක් විසින් අත්පත් කර ගත්තා. දැන් තානායම් භූමිය එක එකාට වෙන්දේසි කරනවා. එකෙක් ගන්නවා, තවකෙකුට විකුණනවා. මම අම්බලන්ගොඩ නගරාධිපතිගෙන් තානායම් සම්බන්ධව තොරතුරු පනත යටතේ ප්‍රශ්න 300ක් විතර අහලා තියෙනවා. එකකටවත් අදටත් පිළිතුරක් නැහැ. මේ සියලු දූෂණ පළාත් සභාවේ අනුහසින්... ඒ නිසා මියගිය පළාත් සභාවට නැවත පණ දෙන්න එපා...!
පවුලේ සාමාජිකයින්ට, නෑයන්ට, යාලුවන්ට අනාගතේ පාර්ලිමේන්තු යන්න තියන පාර වහන්න කියලද කියන්නේ. ඒක කවදාවත් වෙන්නේ නෑ. මෙන්න කැට…!