
(නිමන්ති රණසිංහ සහ ප්‍රසංග සිල්වා)
ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායි මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,860ක් වංචනිකව විකිණීමට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී (මිලදී ගැනීම්) ඇතුළු නිලධාරීන් සිව් දෙනා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (12) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) චමිලා ජයන්ති අසුරමාන්න, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්) රණසිංහගේ සිරිමල් ප්‍රනාන්දු, කළමනාකරු (සැපයුම්) එච්. ඩබ්ලිව් සමීර එරන්ජිත් සහ අලවිසැල් කළමනාකරු (වැලිසර) නුවන් ලක්මාල් යන අයවලුන්ය.
මෙම සැකකරුවන් ඊයේ (11) ප්‍රකාශයක් ලබාදීමට කැඳවන ලද අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලමෙන් තමයි ජලය ගලා යන්නේ... නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි අයට... මේ ප්‍රවෘත්තිය පිට වුණු විගස කලබල වූ ඇමැති බන්දුලට කෝ නීතිය..?
එතකොට බන්දුල කෝ? මෙතැන නැහැනේ...
අනාගතයේදීත් මහජන මුදල් ගසා කන මෙවන්නන්ගේ නම්ගම්වලට අමතරව ලිපිනයන් මෙන්ම පැහැදිලි ඡායාරූප සියලුම මාධ්‍යවල පලකිරීමට සියලුම මාධ්‍යවේදීන්ට ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
මේ කණ්ඩායමේ ප්‍රධානියා කාන්තාවක්, කාන්තාවන් බොහෝවිට ඉහල බලධාරියෙකුගේ නියෝගයක් තදින්ම නැත්නම් මෙවැනි ක්‍රියාවන්ට යොමුවීම අඩුයි කියන්න පුළුවනි.