(සුජිත් හේවාජුලිගේ)

කොළඹ නගරයේ සැරිසරන බොහෝ දෙනකුගේ  හැසිරීම  සෞඛ්‍යආරක්ෂිත නොවන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය.

කොළඹ නගරය සැරිසරන බොහෝ  පිරිසකගේ මුඛ ආවරණ පවා  දැකිය නොහැකි බවද  හෙතෙම සඳහන් කළේය.

තමා  කොළඹ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ  බවත්  බොහෝ පිරිස්  මුව ආවරණ නිකටේ පැලඳ සිටිනු එහිදී  දැකගත හැකි වු බවත්  වෛද්‍යවරයා ප්‍රකාශ කළේය .

මෙය ඉතාම භයානක තත්ත්වයක් බව පැවසූ  විජයමුණි මහතා  අඩු තරමින් තව වසර දෙකක්වත්  නව සාමාන්‍යකරණය යටතේ ජීවත් වීමට සිදු වනු ඇති බවත්  පැවසුවේය.

කොළඹ නගරයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තාවී ඇති අතර එයින් පුද්ගලයින් 1,098ක් මියගොස් ඇතැයිද වෛද්‍ය විජයමුණි මහතා කියා සිටියේය.

ප්‍රතිශතයක් ලෙස ගත්විට සමස්ත කොවිඩ් මරණවලින් සියයට  5ක් වාර්තාවූයේ කොළඹ නගරයෙන් බව  ඔහු වැඩිදුරටත් පැවසීය .