රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට ශ්‍රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවූහ. 17 December 2023
ලොරියේ ගැටී සිවිල් ආරක්ෂකයා මරුට බත්තරමුල්ල පැලවත්ත විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ලොරි රථයක් එකවරම ලිස්සා ගොස් ප්‍රධාන පිවිසුමේ රාජකාරියෙහි නිරතව සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිළධාරියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නිළධාරීයා මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 17 December 2023
මාළු ව්‍යාපාරිකයාගේ සිරුර ළිඳකින් හමුවෙයි සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ මත්ස්‍ය ගොවිපළක තිබූ අනාරක්ෂිත විශාල ලිදක තිබී සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි 17 December 2023
සුදු ඉරේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු හප්පලා සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටී පුහුණු පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු පෞද්ගලික බසයක ගැටී රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 17 December 2023
මොරටුව කුලපති පත් කරයි මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත. 17 December 2023
ලොරියේ ගැටී අයෙක් මරුට:අයෙක් රෝහලට හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එක් අයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 17 December 2023
මොරගහකන්ද-කළුගඟ වාන් මට්ටමේ මධ්‍යම කදුකරයේ ඉහල ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මොරගහකන්ද හා කළුගග ජලාශ වල ජල ධාරිතාව වාන් මට්ටමට ආසන්නව පවතින බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි. 17 December 2023
කණ්ඩලමේ වාන මතින් යන්න බස් -ලොරි වලට පමණක් අවසර දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අද (17 ) සීග්‍රයෙන් වර්ධනය වීමත් සමඟ විශාල ජල කඳක් වානෙන් පිට වන බැවින් බස් රථ සහ ලොරි රථ පමණක් ධාවනයට අවසරදී ඇති අතර වෙනත් කිසිදු වාහනයකට වාන මතින් ගමන් කිරීම තහනම් කර ඇතැයි බෝවතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය. 17 December 2023
ගංවතුරට කොටුවූ පවුල් 32ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රීකයේ ප්‍රදේශ රැසක් ජලයන් යටව පවතී . 17 December 2023
බිත්තියට යට වී අයෙක් මරුට පැරණි ගෙයක් කඩා ඉවත් කිරීමට යාමේදී එහි වරිච්චි බිත්තියකට යටවී බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ 47 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි . 17 December 2023
ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. 17 December 2023
රිය අනතුරින් එක්දරුපියා මරුට මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදි සිදුවු අනතුරකින් ඒක්දරු පියෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 17 December 2023
දුරකතන මෙවලමක් කනේ ගසා නින්දට ගිය තරුණයා මරුට ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක හෑන්ඩ් ෆී දෙකක් කනේ ගහගෙන නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගොස් ඇතැයි හලාවත පොලීසිය පවසයි. 17 December 2023
රටපුරා අදත් තදින් වැස්ස උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 December 2023
ලොරි දෙකක් ගැටී අයෙක් මරුට:දෙකක් රෝහලට අම්බලන්ගොඩ නගරයේ දී අද (17) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි . 17 December 2023
පොලිස් රිය කෝප් සිටියේ පුත්තලම පොලිසියේ සෝකෝ අංශයට අයත් ජීප් රිය රියදුරුගේ පාලනයෙන් මිදි පුත්තලම සමුපකාර කෝප් සිටි වෙළදසලට කඩා වැදිමේන් ජීප් රථයට , ගොඩනැගිල්ලට හා උපකරණ රැසකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. 16 December 2023
‘‘බල්ලා - සිංහයා කවුද ඡන්දෙදි දැන ගන්න පුළුවන්‘‘ බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය. 16 December 2023
‘‘ජනතාව ගැන සිතා විපක්ෂ වේදිකාවට නගිනවා‘‘ අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි. 16 December 2023
කිරළව පාලම වහයි ඉවුරු ඛාදනයත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ. 16 December 2023
හල්දුම්මුල්ලේ තවත් කෑල්ලක් නාය යයි පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල නිකපොත තලාහේන ප්‍රදේශයේ අද 16 සවස තවත් නායාමක් සක්‍රිය වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව පදිංචිව සිටි පවුල් තුනක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 16 December 2023
දයාසිරිත් සජිත් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 16 December 2023
ඩලස්ගේ කෑල්ලක් සජිත් ළඟට ? ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 16 December 2023
බැසිල්ට පොහොට්ටුවේ තනතුරක් නෑ ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තැබූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 16 December 2023
‘‘නොබියව නායකත්වය ගන්න‘‘ තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (16) පෙරවරුවේ එක්වෙමින් පැවසීය. 16 December 2023
මත්කරල් 2800 සමග දෙකක් සැකපිට සීලා වතුර , කල්ලාරු සහ අච්චානකුලම් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මත්පෙති 2820 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15)අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 December 2023
කුවේට් රාජ්‍යයේ දින 40 ක ශෝක කාලයක් කුවේට් නායක එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අභාවප්‍රාප්ත විය. ඔහු 86 හැවිරිදි වියෙහි පසුවිය. 16 December 2023
පිස්තෝලයක් එක්ක බස් කොන්දා මාට්ටු ඌරගස්මංහන්දිය බස් නැවතුම්පොල අසලදි මිලි මිටර් 09 වරගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක් සමග බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමරශන අංශය කියයි. 16 December 2023
කුඩ්ඩන්ට වෙන දේ පොලිස් ඇමැති කියයි මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16) පෙරවරුවේ අම්බලන්ගොඩදී පැවසීය. 16 December 2023
රඹුක්කන් ඔය ජල කඳට බඩ ඉරිඟු කන්දක් ගසාන යයි අම්පාර රඹුක්කන් ජලාශයේ මහා ජල කඳට මහඔය බොරපොළ ගම්මානයේ වගා බිමක තිබූ බඩ ඉරිඟු කන්දක් ගසා ගෙන ගොස් ඇතැයි ගොවි මහතා පවසයි. එහි අඩුම තරමේ බඩ ඉරිඟු කරල් 10,000කට අධික ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි ඔහු කියයි. 16 December 2023
භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා කූට වෙළෙඳුන් පිරිසක් එකතු කළ අගය මත බදු පනත (වැට්) ක්‍රියාත්මකවීමට පෙර වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයකට එම බදු ඔවුන්ගේ හිතුමනාපෙට එකතුකර විකිණීමට පටන් ගැනීම හේතුවෙන් පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රජයට දැනුම්දී ඇත. 16 December 2023
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026