යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවෝ 2000ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගතවු පැය 24 කාලය තුළ දිවයිනපුරා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 2 ක් සහ ග්‍රෑම් 232, අයිස් ග්‍රෑම් 769, ගංජා කිලෝ 178 ක් සහ ග්‍රෑම් 916, ගංජා පැල 30,550 ක් ,ඈෂ් කිලෝ 35 ක් සහ ග්‍රෑම් 89, මාවා ග්‍රෑම් 626, තූල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 ක් සහ මත්පෙති 3489 ක් සමග සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.