
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
පොලිස්පති ධුරයේ ගැටළුව කඩිනමින් විසඳන ලෙසටද එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ(29) පෙරවරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී සාකච්ඡා කළ බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය සහ අධිකරණය අතර සීතල යුද්ධයට ජනාධිපතිවරයා වගකිය යුතුය. නීතිමය ප්‍රතිපාදන නැතිබව පවසමින් කරබාගෙන සිටීම ජනාධිපති වරයකුට තබා සාමාන්‍ය පුරවසියකුටවත් නොගැලපෙයි. තම මතය ජයග්‍රහණය කරවීමට රටක් බිල්ලට නොදී නිහතමානී ශක්තිවන්තයකු ලෙස ක්‍රියා කළ යුතුව ඇත. අවශ්‍ය නීති පනවා ගැටලුව නිරාකරණය කිරීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැක.
දැන් ඉතින් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පති පත්කළාම ඡන්ද පෙත්සම් ඉදිරිපත් කරන්න බැහැ..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. දන්නේ නැතිනම් කට වහගෙන ඉන්න.
ඔයාටත් දිනන්න ඕනෑ නම් දාන්න. නැත්නම් කමක් නෑ පස්සේ කරගන්න බැරියෑ..
ආර්ථිකය ගොඩ ගත්තා යයි කියන ජනාධිපතිවරයාට පොලිස්පති ගැටළුව විසඳීමට පියවර ගැනීමට නොහැකිවීම පුදුම සහගතයි.
සමහර වෙලාවට රනිල් නීතීඥ විභාගය පාස් කිව්වට පාස් නැතිව ඇති. ඒකයි නීතිය නොදන්නේ...!
රජ්‍ය සේවයේ යම් යම් රාජකාරි සඳහා අවශ්‍යම පුද්ගලයින් ඇති නමුත් නැතිවම බැරි හෝ අත්‍යාවශ්‍යම පුද්ගලයින් කියා කොටසක් නැත. ජනාධිපති වරයා මේ එක විශමාචාර රැසකට චෝදනා ලැබූ එක පුද්ගලයෙක් මත්තේ නැහෙන්න දඟලන එක අපට නම් කිසිසේත්ම නොතේරේ...
පොලිස්පති ඇතුව හෝ නැතුව ඡන්දය කරන්න මැතිවරණ කොමිසම සූදානම් වෙන්න. එහෙම නැතුව පොලිස්පති නැතිව බැහැ වගේ නම් පීචන් ගාන්න සූදානම් වෙන්න එපා.
කවුද කිව්වේ? පොලිස්පති නැතිව ඡන්දෙ තියන්න බැරිද?