
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළ කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණි.
වන ජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඡන්ද 92 ක් තියෙනවා
ගංවතුරට ගහගෙන යනවා.. බෝක්කුවක් ගාව රැඳෙනවා.. සංසාරේ..
මුට්ටි නෝනාට කියලා මතුරපු මුට්ටියක්වත් දියවන්නාවට දාලා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු!
මේ රනිල්ට ලැජ්ජාවක් නැහැනේ. තමන්ට පක්ෂයක් තියාගෙන, වෙන අයගේ සහය ඉල්ලන්ට...
පොහොට්ටුවෙන් හරි හමන් එකෙක් තවම හොයාගන්ඩ බැරි වෙචිච එකේ රනිල්ගේ පිහිට මිස වෙන සරණක් නැහැ නේ?
පොහොට්ටුවේ ඉන්න රටටම එපා වු දූෂිත හා හොරකම් මැරකම්වලට ප්‍රසිද්ධ අපරාධකාරයෝ පිරිවරාගෙන රනිල් මේ තමන්ට හිමි ඡන්ද ටිකත් අහිමි කරගෙන යන්න හදන්නේ දේශපාලන කනත්තටයි. ඒක එයාට ලබන සැප්තැම්බර් 21දායින් පස්සේ දැනගන්න ලැබෙයි.
පොදුජන පෙරමුණේ කණ්ඩායම දෙකකට බෙදී තිබීම ගැන ජනතාව සතුටෙන්.
පොහොට්ටුකාරයන්ට දැන් ඉදලා ඇති වෙලා වගෙයි. ජනාධිපති තරගයට පස්සෙ එන මහ මැතිවරණය ගැන පුදුම බයක් මෙම මන්ත්‍රී , ඇමතිවරුන්ට තියෙන්නේ. තමන්ගේ ආසනය රැක ගැනීමේ පරමාර්ථයෙන් "දිනන පැත්තට හොයියා" කියන රංචුව ක් !!!
පොහොට්ටුවේ 92ක් නෙමෙයි 130 කියමුකෝ මේ පිං ජනපතිට සහය පල කළා කියන්නේ ඊලග ජනපති වෙනවා කියන එකද? එහෙම කොහොමද වෙන්නේ අපිනේ ඡන්දය දෙන්නේ. අපිනේ තීරණය කරන්නේ.
හොරු සමග හෙළුවෙන්.
මේක තමයි රට කාබාසිනියා කරපු රැලේ හෙළුව. මරාගෙන මැරෙනවා කියන්නෙත් මේකටම තමයි.
එක්සත් ජාතික පක්ෂය වැටුණ තැන මතක් වෙනකොට දුකත් හිතෙනවා එක වේලාවකට. ඡන්දේ නැති නිසා එක එකා පස්සේ යන්න වෙලා. හිඟා කනවා වගේමයි.
අන්න හරි ඔහොම යං. රාජපක්ෂලා නැත් නම් රනිල් දිනුම්. රටත් දිනුම්...
රාජපක්ෂලාට හොඳටම වලන් හෝදපු 92 .දැන් රනිල් ගේ වලව්වට මාරු උනා .දැන් වලන් විතරක් නෙමෙයි රනිල්ගේ වසිකිලියත් හෝදයි .නියම බඩු ටික .අපේ රටේ අවාසනාවට ජාතක උන කාලකන්නි හැතිකරය
මෙයාලා එහාට මෙහාට පනින විදිහට ජනතාව පනින්න සූදානම් නෑ.
පොහොට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නවා නම් තවත් ලංකාවේ මිනිස්සු නම් වෙන්න බෑ.
මුන්ව ගෙදරම යැවිය යුතුයි
මුන් ගෙදරම යැවිය යුතුයි
රනිල් තවම හිතාගෙන ඉන්නේ පින් ජනපති උන විදියට මේකත් පුළුවන් වෙයි කියලා වෙන්න ඇති .ඔය චන්ද 92 න් ජනපති වෙලා බලන්නකෝ .අනික් එක ඔකේ වැඩිපුර ඉන්නේ අපේ බදු සල්ලි හොරකම් කරපු පල හොරු
මචං.අපි රනිල්ගේ පැත්ත ගමු .නැත්නම් ඔය මනුස්සයා පාර්ලිමේන්තුව විසිරුවයි.අපි එතකොට අනාතයෝ
හරිම ලස්සන නාට්‍යක් රඟ පාලා ඉස්සර වගේ රනිල් , මහින්ද ලෙස පක්ෂ දෙකකට කැඩුනා ...දැන් දෙපිල බැන ගනී....රැවටෙන ජනතාව රනිල් හොදයි මහින්ද නරකරයි ,අපි පොහොට්ටුවේ ,අපි රනිල්ට කියලා දෙපැත්තට බැන ගනී.නැවතත් පරණ පීල්ලට මාරු උනා ...කොහොම උනත් මේ අන්තිම අවස්ථාවයි ..රටේ සහ අනාගත දරු පරපුර වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් අරන් චන්දෙ දෙමු .... නැත්නම් උන්ව රජ කරලා අපි මැරෙනකම්ම දුක් විඳිමින් ඉමු..රටේ ආනාගතයත් ,අනාගත දරුපරපුරත් මේ වලටම දාමු