
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත.
මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැතිව එක පිලක සිට සිය මැතිවරණ ප්‍රචාරක ජාලය ඉදිරි දිනවල සංවිධාන කිරීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ඔවුන්ද සිය ස්ථාවරයන් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ මැතිවරණ වේදිකාවද දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර තම තමන්ගේ ශක්තිය පෙන්වීමේ අරමුණු කරගත් මන්ත්‍රී පිල් මාරුවීම් කිහිපයක්ද ඉදිරි දිනවල සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි ජෝ්‍යතිෂ්‍ය කියන්න පුලුවන් අයෙක් සිටීද ඔහු අනුර කුමාර දිසානායක නම් විය.
දැන් සියලු වාසිය අනුරට සහ සජිත්ට. මේ පනින රිලවුන්ට ඊලඟ ඡන්දෙ දි ගෙදරම නවතින්න වෙයි. ඉතා හොඳයි.
ඡන්දෙන් දිනුවොත්, ආපහු එකතු වේවි.
රාජපක්ෂ පවුලේ කිසිවෙකුට කරගන්න බැරුව විපක්ෂයේ නායකයා භාණ්ඩාගාර නිළධාරි හා මුදල් අමාත්‍යාංශ නිළධාරි සමග සාකච්ඡා කිරීමෙන් පසුව හා අනුර කුමාර භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවේ එකම මංත්‍රී තනතුරක් තිබූ රනිල් නොබියව ඉදිරිපත් වෙලා රටේ පාලනය ගත්තා මෙවර ජනාධිපතිවරණයෙන් පස්සෙ පලාත් පාලන ආයතන වලින් 90% ක කෝටාවත් පළාත් සභා වලින් 70% ක කෝටාව සමග නාමොලේට අගමැති තනතුර නොලැබෙන තත්වයක් උඩ පොහොට්ටුව වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉතින් දුරදිග පෙනෙන පිරිස් පක්ෂය රැකීම පසෙකලා රනිල්ට සහායට ඉදිරිපත් වුනා පුද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරන වුන් පොහොට්ටුවෙ රැදී ඉන්නවා තවත් අතකින් බැලුවොත් රාජපක්ෂලා සිටින පැත්තවත් බලන්න අකමැති ජනතාවක් රටේ ඉන්නවා විශේෂයෙන් නාමල්ට බැසිල්ට අකමැති පිරිස් වැඩියි කොහොමත් ලක්ෂ හැටනවයක් 2019 ගත්තාට දැන් ලක්ෂ විස්සක් වත් නැහැ කියලා කියන්න පුළුවන්
ඕක හාස්‍ය ජනක නාට්‍යක් කියල හිතුණේ මට විතරයිද?
බයිස්කෝප් බලලා ඡන්දේ දීපු කාලේ ගියා මහත්තයෝ.
කැමති කෙනෙක් එවන්න. ඡන්දෙ දි අපි හොදට සළකන්න බලන් ඉන්නේ
අපි නොදන්න ලයිව් ,අපි බෙදිලා වගේ ඉමු.
වෘත්තීය හොරුන්ගේ පවුලකට රටක් පාලනය කර කොල්ලකෑම දිගටම කරගෙන යන්න ඉඩ දිය යුතුද?
කොහොම ඉල්ලුවත් ..ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් පරදින එක පරදිනවා
රැවටිල්ල, රැවටිල්ල මත රැවටිල්ල. රට විනාශ කරපු රොත්තම ගෙදර පලයව්.
පවුලේ උන්ව කිට්ටු කරගෙන ,දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය බලලෝභී බඩගෝස්තරවාදි රාජපක්ෂලාට අන්තිමට ඉතුරු වෙන්නෙත් පවුලේ උන්ම විතරයි.
ඕකට තමා කියන්නේ ගිලෙන නැවෙන් මීයෝ පනියි කියලා
අයියෝ පොහොට්ටුවට වෙච්ච දෙයක්. නාමල් හිතුවේ මහින්දගේ හයියෙන් රාජ කුමාරයෙක් කියලා හිතාගෙන. පුද්ගලික දේපොළක් කියලා හිතුවේ මේ රට ඕනේ විදියට ජනතාව ඇපේට තියලා සෙල්ලම් කරන්න.රටට, ජනතාවට දීපු පීඩාව කොච්චර ද කියලා කියන්න බෑ. ඔය ඔබලාට ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන් බොහෝම ටිකක් දශමයක්. තව ඉදිරියේදී හොඳම හරිය. වන්දිභට්ටයෝ කෝ... බුද්ධි බලකාය, පොහොර වෙදා එහෙම පේන්නවත් නෑ... ගෝටට කෙලිය බල තණ්හාවෙන්. ඒකම පාරා වළල්ලක් උනා... දැන් සැපද මෝඩ කමට බෙහෙත් නෑ. රටක් පාලනයට මොළේ ඕනේ.. කයිය විතරයි මදි.
දිට්ඨ ධම්මවේදි කර්මය පල දෙනවා
මටනම් පෙනෙන විදිහට මේ සිදුවන්නේ ජවනිකාවක් .පොදුවේ රාජපක්ෂ ලාට මිනිසුන්ගේ අකමැත්තක් තියෙන නිසා සැලසූම් කර රාජපක්ෂලා නොමැතිව දූෂිත නඩය ඔවුන්ව බේරා ගත් කෙනාට සහයෝගය දැක්වීම සඳහා පිටත් කරා වෙන්න පුලුවන්
හරිම ලස්සන නාට්‍යක් රඟ පාලා ඉස්සර වගේ රනිල් , මහින්ද ලෙස පක්ෂ දෙකකට කැඩුනා ...දැන් දෙපිල බැන ගනී....රැවටෙන ජනතාව රනිල් හොදයි මහින්ද නරකරයි ,අපි පොහොට්ටුවේ ,අපි රනිල්ට කියලා දෙපැත්තට බැන ගනී.නැවතත් පරණ පීල්ලට මාරු උනා ...කොහොම උනත් මේ අන්තිම අවස්ථාවයි ..රටේ සහ අනාගත දරු පරපුර වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් අරන් චන්දෙ දෙමු .... නැත්නම් උන්ව රජ කරලා අපි මැරෙනකම්ම දුක් විඳිමින් ඉමු..රටේ ආනාගතයත් ,අනාගත දරුපරපුරත් මේ වලටම දාමු
GDS Bandara- හරියටම හරි.. එතකොට රාජපක්ෂලා ගැන කලකිරිලා ඉන්න පොහොට්ටු කාරයින්ගේ (වහල්ලුන්ගේ) ඡන්ද ටිකත් රනිල්ට වැටෙනවා ... මේවා දැකලා රැවටෙන රට හරක් ටිකත් රනිල්ට ඡන්දෙ දෙනවා. ලස්සනට පක්ෂ දෙකේම ඡන්ද ටික රනිල්ට එකතු කළා. කැපුවත් පොහොට්ටු රට හරක් ටික කොහොමත් පොහොට්ටුවේ අපේක්ෂකයෙක්ට ඡන්ද දෙනවා. ලස්සන ප්ලෑන් එකක්... හැබැයි මොවුන් නොහිතපු තැන තමයි මොවුන් එකෙක්ටවත් මහා ලොකු ඡන්ද ප්‍රමාණයක් නොමැතිකම. ඔක්කෝම හොරු කියලා ජනතාව තේරුම් අරන් ඉන්න නිසා...!
රනිල්ට ලැජ්ජාවක් නැහැ. තමන්ට පක්ෂයක් තියාගෙන අනිත් අයගේ උදව් ඉල්ලනවා.
ජනතාව රවට්ටපු ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු. දූෂිත පවුල් පාලනේ අයට ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව පැහැදිලියි.
මාලිමාවට ජයවේවා !!! මුළු රටම ජාතික ජනබලවේගයට !!!
රනිල් කියන්නේ කෙලෙහිගුණ නොදත් සර්පයෙක් බව දන දැනම, තමන්ගේ හොර මැරකම් සඟවන්නට රාජපක්ෂ හොරුන් විසින් ඡන්ද 134 කින් ජනාධිපති කල රනිල් දැන් රාජපක්ෂලාට දෂ්ට කරලා. මේවා රටේ ජනතාව දන්නවා. ඔය දෙගොල්ලෝම ඡන්දෙන් පරදිනවා.
මේක අලුත් නාට්‍යයක්
කැඩෙන්න හරි පක්ෂයක් ඉතුරු උනේ මහින්ද රාජපක්ෂ නිසා! දැන් සැපද ?