
(අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී.
පොලිස් පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්‍ර විනිශ්චකාරවරයාත් විසැඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පවත්වනවා ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
COMMENTS
සමුළුව කැම්බල්, ගෝල් ෆේස්, සුගතදාස වගේ තැනක පවත්වමු...
අගවිනිසුරු කතානායක මුණගැහෙන්න ඕනෑ නැහැ. උසාවිය තීරණය කරලා තියෙනවා ජනාධිපති හරහා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර ගෙන ඉදිරියට වැඩ කරගෙන යන්න... ඒක ක්‍රියාත්මක කරන්නයි ඕනෑ කියලා කවුරු හරි යමක් කමක් දන්න මනුස්සයෙක් මෙයාට කියලා දුන්නා නම් හරි...
ජනාධිපති තනතුරේ වැඩ වලට සුදුසු නැති පුද්ගලයෙක් කියලා දැන්ම තේරෙනවනේ නේද?
වසර 45කටත් වඩා දේශපාලනේ කරලා විවිධ තනතුරු දරලත් හරියට තීරණයක් ගන්ඩ බැරි ජනපතියෙක්.
නිසි වයසට විශ්‍රාම නොයෑමේ ආදීනව දැන් පෙනෙනවාද?
ලොකේ කොයි රටේද නඩු... තීන්දුව දුන්නාම නඩුකාරයයි, විත්ති කාරයයි එකට එකතු වෙලා සාකච්ඡා කාරන්නේ නඩු තීන්දුව ගැන.