
(යොහාන් භාසුර)
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය පළකිරීම් සහ සාකච්ඡා අපේක්‍ෂා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාය නාමල් රාජපක්‍ෂ මහතා අද (30) පැවසීය.
කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
තරුණ අයට එවැනි දේවල් විශේෂයන් වුවද මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැනි වැඩිහිටියන්ට මෙවැනි දේවල් සාමාන්‍ය තත්වයන් බව කී නාමල් රාජපක්‍ෂ මහතා තමන් නියෝජන කරන දේශපාලන කඳවුරු ආරක්‍ෂා කිීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම යූඑන්පී විරෝධී කඳවුරේ සිටීම නිසා එම ඵෙතිහාසික යූඑන්පී විරෝධය නියෝජනය කිරීමට ඉදිරියටත් කටයුතු කරන බවත් ජනාධිපතිවරණයේ යූඑන්පී විරෝධී සහ යූඑන්පී යන පාර්ශව දෙකක් කටයුතු කරනු ඇති බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරණයේදී මහනාප දේශපාලනයක් නොමැති නිසා මහජනතාව සමඟ ගණුදෙනුවක් ඇති බවත් ඇතමුන් මනාප එකතු කරගැනීමේ අවස්ථාවක් බවට මේ අවස්ථාව පාවිච්චි කිරීමට සූදානම් වන්නේ යැයි පෙණෙන බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
මහපොළවේ බලාපොරොත්තුව ඔයාලු නේද?
"මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැනි වැඩිහිටියන්ට මෙවැනි දේවල් සාමාන්‍ය තත්වයන් බව කී නාමල් රාජපක්‍ෂ මහතා තමන් නියෝජන කරන දේශපාලන කඳවුරු ආරක්‍ෂා කීමට කටයුතු කරන.." වැඩිහිටියා - මයිනා හොරාකන්න පටන්ගත්තේ සුනාමි සල්ලි වලට කෙලලා, ඊට පස්සේ කපුටා මුළු රටම හොරාකෑවා. රාජපක්ෂලා කියන්නේ පරම්පරාගත හොරු බව මයිනාගේ සීයා "මාටින් රාජපක්ෂ" චින්තාමණි වලව්ව හොරාකාපු කතාවෙන්ම පෙනෙනවා. ලෙනාර්ඩ් වුල්ෆ් ලියපු විලේජ් ඉන් ද ජංගල් පොතෙත් ඒ මංකොල්ලය සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම යූඑන්පී විරෝධී කඳවුරේ සිටීම නම්, ඇයි යූඑන්පී රනිල්ව ජනාධිපති කළේ? ඔයාත් පියාගේ අඩි පාරෙන් තමයි යන්නේ. ඔයාගේ තාත්තා එදා ජනාධිපති තෝරා පත්කරන ඡන්දයෙන් පසුව, පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා කිව්වා මහලොකු බොරුවක්. ඒ කියන්නේ අපි ඩලස්ව ඉදිරිපත් කළා, ඩලස්ට ඡන්දයත් දුන්නා... නමුත් ඩලස් පරාජයි කියලා.... එදාම ඇමරිකානු බැසිල් බාප්පා කිව්වා. අපි තමයි රනිල්ව ඉදිරිපත් කලේ කියලා...!
ඒ කියන්නේ පොහොට්ටුවේ ඉන්නේ වාසි පැත්තට පනින ප්‍රතිපත්තියක් නැති ගෙම්බෝ කියන එක නේද
ඔයා මුණ ගැහිලා, උඹ දැන් බම්බු ගහ ගනින් කියලා කිව්වද ?
ඔක්කොම එකයි
හොර පෙරකදෝරුවා මොනවා කිව්වත් පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ හැම එකාම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
අනේ පොඩි මයිනෝ තමුසේ දන්නා දේශපාලනයක් නැහැ . ආයේ මේ සසරේදී නම් තමුසෙට ඇමතිකමක්වත් ලැබෙන්නේ නැහැ . මොකක්ක්ද අයිසේ ඔහෙලගෙයි UNP එකෙයි තියෙන ප්‍රතිපත්තිවල වෙනස ? අපේ මුත්තද අයිසේ හමුදා මුලස්ථානය වික්කේ ?
හරි මිනිහෙක් මේ කියන්නේ. ඒත් ඇත්ත මේක! උපුටා ගැනීම: එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චඳ්‍රසේන ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. බණ්ඩා
ඩලස් තමන් එක්ක හිටපු මිනිහා කියලා බලන්නේ නැතුව රනිල්ව අනුප්‍රාප්තික ජනාධිපති කරන කොට ඔය කියන UNP විරෝධය කොහේද තිබුනේ..?
අනේ යන්න..!
කවුරු මොනවා කිව්වත් මගේ මනාපේ ඔයාට. සරම ගලවලා සාටකේ විතරක් කරේ දාගෙන එන්න...
කෝ එනවා කිව්ව උන්දැලා ආවාද? අන්න අරෙහෙ රොත්තම පැනලා.
රනිල් ගාවට ගිය අය ආයෙත් මා ගාවට ආවා.
නැවත ආපු උන් මූ වගෙ මීහරක් වෙන්න ඇති. කොහොමත් අනිත් කට්ටියත් මීහරක් තමයි. මේ රට හදන්න නෙමේ සැරසෙන්නේ රටේ දෙපළ මුදල් කප්පම් ගන්න බලන් ඉදපල්ලා. කාපුවා වමාරන කාලේ හරි.
වරෙන් බලන්න අපේ පැත්තේ, සාටකේ අමුඩෙ ගස්සලා යවන්නේ.
හරිම ලස්සන නාට්‍යක් රඟ පාලා ඉස්සර වගේ රනිල් , මහින්ද ලෙස පක්ෂ දෙකකට කැඩුනා ...දැන් දෙපිල බැන ගනී....රැවටෙන ජනතාව රනිල් හොදයි මහින්ද නරකරයි ,අපි පොහොට්ටුවේ ,අපි රනිල්ට කියලා දෙපැත්තට බැන ගනී.නැවතත් පරණ පීල්ලට මාරු උනා ...කොහොම උනත් මේ අන්තිම අවස්ථාවයි ..රටේ සහ අනාගත දරු පරපුර වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් අරන් චන්දෙ දෙමු .... නැත්නම් උන්ව රජ කරලා අපි මැරෙනකම්ම දුක් විඳිමින් ඉමු..රටේ ආනාගතයත් ,අනාගත දරුපරපුරත් මේ වලටම දාමු