
(බී.ජී. චතුරංග,යොහාන් බාසුර සහ සුජිත් හේවාජුලිගේ)
කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ එකඟත්වය පළ වු බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
අද (30දා) අනුරාධපුර කුරුන්දන්කුලම චන්ද්‍රසේන මහතාගේ නිවසේ පිහිටි පොදු ජන එක්සත් පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවැත් වූ දිස්ත්‍රික්සම්මේලනයේදී කණ්ඩායම් නායක චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිස මෙම එකඟතාවයට පැමිණියහ.
මේ සඳහා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා සහ දිස්ත්‍රික්කයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ,ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභා නියෝජිතවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙසීයකට අධික පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
තවත් දේශපාලන ශාපයක්!!!
අද මෙහම එකඟතාවයට ආවට, ඉදිරියේදී බලයට පත් වන මාලිමාවේ ආණ්ඩුව මාවිල් ආරු ගොවි වන්දි වංචා විමර්ශනය කරලියට ඒවි.
රනිල්ගේ අබුඩයේ එල්ලෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
රනිල් ඉන්න තුරු දූෂිත දේසපාලුවන්ට නම් හොඳා... !
2024 රට බේරගන්න ඉන්න විරුවා.. බැංකු හොරු...
අනුරාධපුරයේ අති බහුතර ජනතාව මාලිමාවට !!! ජාතික ජනබල වේගයට ජයවේවා..!!! අනුර කුමාර දිසානායක ජනාධිපති !!!
අනේ පලයන් මෝඩයා , චන්දෙන් පැරදිලා ඉස්සරවගේ අමුඩයක් ගහගෙන ගස් බඩ ගාන්න තමයි තමුසෙටයි මල්ලිටයි වෙන්නේ.අනුරාධපුරය පැත්තේ ගම්වල ගෙවල්වල කුකුල්ලු නැතිවෙන්න පටන්ගනියි ආයෙත්.
මාවිල් ආරු හොරා, දන්නේ නැති අයට මතක් කරලා දෙන්නම්, එදා ප්රභාකරන් මාවිල්ආරු සොරොව්ව වහලා කුඹුරු වියළුණාම ඒකට දීපු රක්ෂණ වන්දි ගත්තා... බොරු නම් දාලා මෙයා ඒක ඔප්පු වුණා... පුතා පළාත් සභාවේ ඉන්නධ වංචාවක් කළා, රාජපක්ෂලාගේ පිහිටෙන් ඉන්නවා, එහෙම කරපු රාජපක්ෂලාට විරුද්ධව කටයුතු කරනවා කියන්නේ තිරිසන් වැඩක් තමයි..
කුණු ගොඩටම තමා කුණු එකතුවෙන්නේ
රාජපක්ෂලාට විරුද්ධ නැහැ.. බෙදී වෙන්වුණු පිල් දෙක පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ සෙට් වෙනවා.. මේවා ඔක්කෝම බොරු මවාපෑම්, රනිල් රාජපක්ෂ ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා...