
(යොහාන් භාසුර)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම වාසනාවන්ත අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේම කණ්ඩායමක් නැති කළාදෝ යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (30) පැවසීය.
ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැලපුණ හොත් වාසනාවන්තම අපේක්‍ෂකයා ධම්මික පෙරේරා මහතා වියහැකි බව කී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රධාන අපේක්‍ෂකයන් හතර දෙනෙක්, බලකඳවුරු හතරක් අතර සටනක් වන මෙවර ජනාධිපතිවරණයේදී සංඛ්‍යා ලේඛණ අනුව පොහොට්ටුවේ අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජය බව ද සඳහන් කළේය.
කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එසේ පැවසීය.
ව්‍යාපාරික සහ ආර්ථික ඇසක් නම් ධම්මික පෙරේරා මහත්මයා ද, තරුණ සහ ආර්ථික ඇසක් නම් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද, ජ්‍යෙෂ්ඨයෝ හැටියට බලනවා නම් තමවත් කණ්ඩායමක් එම පක්‍ෂය තුළ සිටින බව ද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිතුමා එම ධූරයට පත්කළ පසු ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් ඇතුළු විවිධ තනතුරු දරපු අය වැඩි සමීපභාවයක් ඇති බවත් ජනාධිපතිවරයා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටීම නිසා ජයග්‍රහණය කරවිය හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා ඇති බවත් ඒ මහතා කීය.
පොදුජන පෙරමුණ අතහැරලා ඔවුන් වෙන පැත්තකට ගොස් ඇතැයි හෝ පක්‍ෂය ඔවුන්ව නෙරපාහැරියා හෝ නිලවශයෙන් කිසිඳු තීරණයක් නොමැති බවත් පොදුජන පෙරමුණ එක කණ්ඩායමක් හැටියට නවක අපේක්‍ෂකයෙක් සමඟ දේශපාලන ගමන යෑමට තව දුරටත් උත්සහ කරන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ලියාපදිංචි, වැඩිම ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කළ පක්‍ෂයක් වන බව කී ඒ මහතා කිසිඳු කෙනෙක්ට තනි තනියෙන් තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.
හැටනව ලක්‍ෂයේ ජනවරම තියෙන්නේ කොහෙද පිළිබඳව තව නොදන්නා නිසා ජනතාවට වගකියන පක්‍ෂයක් හැටියට පුද්ගල චරිතවලට අවශ්‍ය ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 70 ක් ගත් පක්‍ෂයක් වීම නිසා ඡන්ද ලක්‍ෂ 30 කින් ආරම්භ කළ හැකි එකම පක්‍ෂය එම පක්‍ෂය බවත් අවසන් මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද විසිහත් ලක්‍ෂයක්, අනුර කමාර දිසානායක මහතා ඡන්ද ලක්‍ෂ හතරක් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්ද ලක්‍ෂයකටත් අඩු නිසා මනාප ගණන් නොකළ බවත් ඒ මහතා කීය.
අපේක්‍ෂකයා පිළිබඳව ගැටලුවක් නොමැති මෙන්ම පක්‍ෂයේ ඡන්ද පදනම පිළිබඳව විශ්වාසයක් තිබෙන බව කී ඒ මහතා පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 35 ක් 40 ක් ජනාධිපතිවරණය ජය ලැබීමට ප්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කරන බවත්ය.
COMMENTS
ඇට පිටින් ගහලා මරු කියවනවා පිස්සා.......
පොදුජන පෙරමුණට මොනවද තියෙන ප්‍රතිපත්ති? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය මැරකම්,බොරුව,රැවටිලි ,,බලතණ්හාව මිසක් වෙන මොනවද?
හරි මිනිහෙක් මේ කියන්නේ.Lol ඒත් ඇත්ත මේක! උපුටා ගැනීම: “ එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චඳ්‍රසේන ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.”
ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැලපුණ හොත් වාසනාවන්තම අපේක්‍ෂකයා ධම්මික පෙරේරා මහතා වියහැකි බව කී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රධාන අපේක්‍ෂකයන් හතර දෙනෙක්, බලකඳවුරු හතරක් අතර සටනක් වන මෙවර ජනාධිපතිවරණයේදී සංඛ්‍යා ලේඛණ අනුව පොහොට්ටුවේ අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජය බව ද සඳහන් කළේය. *** චන්දේ තියන්නකො..ආස හිතෙන ප්‍රථිපලයක් ලැබෙයි ..
රනිල් පොහොට්ටුවට ගැලපෙන්නේ නෑ. ඒ වගේම පොහොට්ටු හැටියට පෙනී සිටි කොටසක් ඒ අය මනමේ කුමරියන් බව දැන් ඉතින් පෙන්නලා තියෙනවා. ඒ මනමේ කුමරියන් හට යන තැනක යන්න කියලා (හොරු ගොඩක් ගියා කියලත් හිතාගන්න) ඉතුරු අය දැන්වත් තමුන් කලදේ ගැන හිතලා වැරදි හදාගන්න පුලුවන්ද බලන්න. රනිල් මනමේ කුමරියන්ව බාරගෙන ඒ අය ඉල්ලන සැප සම්පත් දේවිද නැත්නම් තමන්ගේ වැදි කණ්ඩායම එක්ක පුරුදු විදිහට ගමන යාවිද කියන එක ඉස්සරහට අපිට පෙනේවි. නමුත් ඔය මනමේ කුමරියන් ටිකව නම් ආපහු පොහොට්ටුවට ගන්න එපා.
ආසයි බයයි .ඕනෑම පක්ෂයක් යටතේ තරඟ කළත් පක්ෂ දෙකම පරාජය වෙනවා.
ඔයා කවුද? රනිල්ට ඕඩර් දෙන්න ඔයාට තියෙන ඔය අසනීපයට තවමත් බෙහෙත් හදලා නැහැ. ඔයාට තියෙන අසනීපය බෙහෙතක් හදනතුරු මොන්ටිසෝරියකට යන්න...