
(මනෝප්‍රිය ගුණසේකර)
සිංහල හින්දු අළුත් අවුරුදු දා පොලු මුගුරුවලින් සහ ගල් වලින් පහරදී ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් සිව්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 09කට පෙර ඔරුගොඩවත්ත ශාන්තවත්ත ප්‍රදේශයේදී විත්තිකරුවන් මෙම අපරාධය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් විිනිසුරුවරයා විත්තිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ දේවසුන්දරන් චන්ද්‍රසේකරන් හෙවත් සේකර්, රාමනාදන් රාජේශ් ඛන්නා හෙවත් ප්‍රභූ, සුන්දරම් සුදාකරන් හෙවත් සුදාකර්, රාමනාදන් රාජ්සේකරන් හෙවත් සිරංජි යන නමැත්තන්ටය.
COMMENTS