
(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැඟීමට තමාට සහාය ලබා දෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.
2022 වසරේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා බාරගත්තේ තනිව නොවන බවත් එදා ද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවත් ජනාධිපතිවරයා කීය.
ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව රටේ ජනතාව අද විශ්වාස කරන බවද පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් තමයි.
රට ගැනනම් අපි දන්නේ නෑ. උන් හිරේ නොගිහින් බේරුනේම මේයා ජනාධිපති කරලා කියලා නම් මුළු ලෝකෙම දන්නවා.
රන්ඩු වෙවී යාලු වෙවී අපිට බොරු රංගනයක් පෙන්වා අන්තිමේදී එකට මගුල්.
හ්ම් හ්ම් 2015-2019 කාලයේදී මහින්දලා ගත්ත ණය නිසා මේ රට බංකොලොත් වුණා වගේ හරියට කතාව රට ගොඩ නගන්න නෙවෙයි රට විකුනන්න සහයෝගය දුන්නා කියලා කිවුවා නම් හරි.
කණ්ඩායම දක්ෂතා පෙන්නන්නෙ නිසි නායකත්වය ඇතිව කලයුත්තේ කුමක්ද කෙසේද දන්වා නිසියාකාරව වගකීම් පැවරීමෙන් තමයි එහෙම නැතුව එක් එක් ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා මහ ඇමතිලා මාසිකව ලොක්කන්ට කප්පම් මුදල් ඉල්ලනවා නම් මැති ඇමතිලාට කටයුතු කරන්න බැහැ යහපාලනය කාලයේ අධ්‍යාපන හා මහාමාර්ග හැදුවා වගේ නොගැලපෙන ඇමති තනතුරු දීමත් අසාර්ථක වෙන්න හේතුවක් වෙනවා
රට වට්ටපු එකාගෙන් ,රට නගන්න සහාය ඉල්ලලා ,මාර ජෝක්
ත්‍රස්තවාදී යුද්ධය පැවති සන්ධියේදී සහ ඉන්පසු උදාවූ සංවර්ධන කාර්යයන්හිදී මහින්ද මහතාට එරෙහිව ඔබතුමා අනුර ප්‍රමුඛ ජවිපෙ කල්ලිය මෙහෙයවමින් දේශපාලන දාදු ක්‍රීඩාවේ නොයෙදිණි නම් සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙයට වඩා ඉහළ තැනක සිටිනු ඇත. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ව්‍යවස්ථා සභා වැනි ඔලමොට්ටල තකතීරුකම් නොකළේ නම් පොලිස්පතිවරයකු පත් කර ගැනීමට නොහැකි වීම වැනි අර්බුද මතු වන්නේ නැත.
කන්න ඕනෑ වුණොත් කබරයාත් තලගොයා වෙනවා නේද? එදානම් කිව්වේ තනියෙන් කියලා නේද?
මේක තමයි ගත්ත වැරදීම තීරණය .ගෙවමින් හිටිය ණය ගෙවන්නේ නැතුව .තව ඩොලර් බිලියන 4 ක ණයත් අරගෙන පෝලිම් නැති කළා කියලා උද පනිනවා , මේ වගේ ළදරුවෙක් ට පුලුවන්ද රටක් පාලනය කරන්න ?
මහින්ද, ගොටාභය ත්‍රස්තවාදය පරාජය කළා. කොළඹ ඉඳලා හම්බන්තොටට පැය දෙකෙන් යන්න හැදුවා. අරගලේ වෙලාවේ සිංහලයාට එක වෙඩි උණ්ඩයක් පත්තු නොකර මහා බැංකුව හොරා කාපු කෙනාට කියලාම මහා බැංකුව පුරවන්න වැඩේ කළා...