(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන )

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක නොච්චියාගම නගරයේදි  එකිනෙක ගැටී අද (30)  සිදු වූ අනතුරින් කාන්තාවක් එම ස්ථානයේදිම මියගිය බව නොච්චියාගම පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 15 පහල මාරාගහවැව පදිංචිව සිටි දෝන මානම්පෙරැමලාගේ දිනේෂා දිල්හානි(34) නැමති විවාහක කාන්තාවකි.

මියගිය කාන්තාව සිය සැමියා සමග රාජාංගණයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනිමට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

යතුරුපැදිය ඉදිරිපසින් ගමන් කළ බස් රථයට ඉස්සර කිරිමට යාමේදි යතුරු පැදියේ පැති කන්නාඩියේ ගැටිමෙන් පසුව පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව පාර මත ඇද වැටමෙන් මෙම අනතුර සිදුව ඇති අතර , මෙම අනතුරින් යතුරු පැදිය පැදවු සැමියාට කිසිදු අනතුරක් සිදුව නොතිබු බව පොලීය කියයි.

(ඡායාරූපය-කුෂාන් ජයවර්ධන)