
( ආරියරත්න රණබාහු)
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි හෙට(31)දා ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (30)දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මහතා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට(31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය.එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවද හෙතෙම කීය.
පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බව පැවසු ඒ මහතා මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති හෙයින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද මහලේකම්වරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ජනතාව අතර ඉදිරියෙන්ම තිබෙන පක්ෂයක් බව පසුගිය දිනවල වැල්ලවාය හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පැවැත්වූ මහජන රැස්වීම් වලින් තහවුරු බවය තවම ජනතාව පක්ෂය කෙරෙහි මහත් උනන්දුවෙන් බලාපොරොත්තු තබාගෙන තිබෙන හෙයින් මීළඟ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය නොදෙවෙනි තැනක් හිමිකර ගනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.
පක්ෂයෙන් ඈත්ව ගිය සියලු කණ්ඩායම්වලට නැවත පක්ෂය හා බැඳී කටයුතු කිරීමට එක්වන ලෙස ද ඒ මහතා ආරාධනා කළේය. මෙහිදී පක්ෂයේ මාධ්‍ය ලේකම් වීර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට කියලා හැමෝම දන්නවා ආය කියන්න දෙයක් අමුතුවෙන් නැහැ. කොහාට ගියත් ඔය ඔක්කොම ගෙදර යවනවා මේ රටේ ජනතාව.
අයියෝ නොඇසිය යුතු ප්‍රස්නයක්.අනිවාර්යයෙන්ම රනිල්ටනේ.මේ මිනිස්සු අදටත් ඉන්නෙ රනිල් එක්කනෙ.තවත් මොන මගුලකටද අද ප්‍රකාශ නිකුත් කරන්නේ
ඕක දියවෙලා යන පක්‍ෂවලින් එකක්. 1956 දී රට විනාශ කරන්න පටන්ගත්ත පක්ෂය.
රනිල්ගේ සහයෙන් පක්ෂයේ බලය අල්ලාගත්, රනිල්ගෙන් තනතුර වරදාන වරප්‍රසාද ලබා ගත්ත තමුසෙලා රනිල්ට හැර වෙන කාට කඩේ යන්නද ?