
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.
මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු ඇමැතිවරු සහ මන්ත්‍රීවරු වූහ.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමඟ පැවැති මෙම හමුවේදී අදහස් දක්වමින් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.
එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසූයේ පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් එකසිය පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්වී සිටින බවයි.
පොදු ජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකවරයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බව එජාප සභාපතිවරයා කීය.
COMMENTS
රට කාබාසිනියා කළ තක්කඩියන්ගේ ගමන වේගවත් වූවත් ජනතාව තවමත් එක සිතින් මාලිමාව සමඟයි
පොහොට්ටුවට වර්තමානයේ ජනමතය කුමක් උවත් පොහොට්ටුවට මිනිස්සු ඡන්දේ දුන්නේ මහින්ද නමට, නැතුව ඔය පත් වුණ මන්ත්‍රීවරුන් නිසා නොවේ. පොහොට්ටුවට කැමති මිනිස්සු අදත් ඉන්නේ පක්ෂය එක්ක මිසක් වාසියට පනින කණ්ඩායම එක්ක නොවේ. ඔය රොත්ත එක්ක පාක්ෂිකයෝ යන්නේ නැහැ....
එකට තියලා පරාද කරන්න හොඳ අවස්ථාවක්...
ස.ජ.බ. එකෙන් මංත්‍රීන් 25ක් අරගෙන පෙන්නුවොත් පොහොට්ටුවේ සහාය රනිල්ට දෙනවා කියලා සාගර කාරියවසම් බෙරිහන් දෙන අස්සේ.. එයාගේ පක්ෂේ 75ක් රනිල් ඩැහැගන්නකං කාරියවසම් දන්නෑ... රනිල් ගේකට ගත්තොත් ඒ ගෙදර ගෑනියි මිනිහයි වලි... බන්ධන කඩන්න ඒ තරම් සූරයා...
මැරුණු බල්ලාගේ ඇගෙන් බැස්ස මැක්කෝ එල්ලුනේ තවත් මරණාසන්න බල්ලෙක්ගේ ඇගේ, තව මාස දෙකකටත් අඩු කාලයක් ජීවත් වෙන්නේ.
මුන් ඔක්කොම එකට තියලා ගෙදර යවන්න ඕන . රට කාපු හැත්ත
පලමු ව මෙයා ට කොළඹින් ගෙයක් ගන්න සල්ලි කොහෙන් ද. 1988 පලාත් සභා ඡන්දෙ ට එනකොට වාහනයක් ගන්න වත් වත්කමක් තිබුණ දැයි ගාල්ලේ අය දන්නවා. දෙවැන්න තමයි රනිල් ට උදව් කරන අය මහ මැතිවරණය ට ඉල්ලන්න එපා . ආයෙ පාර්ලිමේන්තුවේ පැත්තට යනවා බොරු . අන්තිමට රනිලුුත් පරාදයි. තමනුත් පරාදයි.
අතරමං වෙලා හිටිය මිනිහෙක් ගෙදර එක්ක ඇවිල්ලා ඉහලින්ම සාත්තු සප්පායම් කර කර ඉද්දි, එයා ගෙදර මනුස්සයගෙ නෝනත් අරන් පැනල ගියා වගෙ වැඩක් තමා පොදු පෙර්මුණටත් උනේ.
හරි මිනිහෙක් හම්බවෙන්න ගිහිල්ලා තියෙන්නේ. පොහොට්ටුවේ බංකොළොත් මන්ත්‍රීලා, ඇමැතියෝ දඩාවතේ යනවෝ...