ඉන්දියාව - යුරෝපා රටවල් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාව වෙළෙඳ ගිවිසුම ඇති කරගත්තේ, නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ලික්ෂ්ටන්ස්ටයින් යන රටවල් සමඟය.