
(අංජුල මහික වීරරත්න)
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් (බැරල් මිලියන 1.5ක්) දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රම වේදය සහ නෞභාර පත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ලංසු 7 ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 3 ක් ප්‍රතික්ෂේප වී ඇත.
ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නිකුත් කළ දින සිට දින 30 කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒ ෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඇනවුම් තොගය ලැබෙන විට බොහෝම සහනදායි මිලට ඉන්ධන ලැබිය යුතුය.