
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
හිටපු ජනපතිනියගේ ආරක්ෂාව ආරක්ෂක භටයන් තිහ දක්වා අඩුකර ඇතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසා ඇතත් එය වැරදි ප්‍රකාශයක් බව කී විජිත හේරත් මහතා ඇයට ආරක්ෂක භටයන් පනස් හත් දෙනකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බව සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
priyanka Wednesday, 06 November 2024 11:26 AM
එතකොට දැන් අපි කාගේ කතාවද පිළිගන්න ඕන ?
කුමුදු Wednesday, 06 November 2024 11:40 AM
චන්ද්‍රිකා මහින්ද යන ජනාධිපතිවරුන්ට කොටි තර්ජන තිබුණ.. ඒ නිසා එයාලගේ ජීවිත වලට යම් හානියක් වුනොත් මේ රජය ඒ වගකීම් බාරගන්න ඕනැ.
සිතුම් Wednesday, 06 November 2024 11:41 AM
අන්තිමේ අල්ලපු හොරෙකුත් නැහැ කැපුවා වරප්‍රසාදයකුත් නැහැ අඩුකරපු දෙයකුත් නැහැ. අනේ මන්ද.
නෙලුම් Wednesday, 06 November 2024 11:47 AM
මෙයාල කිව්ව කිසිදෙයක් කරන්නේ නැහැ. ඡන්දෙ කටේ තියාගෙන ගෑස් තෙල් අඩු නොකරපු ආණ්ඩුව ඡන්දෙන් පස්සෙ මේන් කියලා අඩු කරයි. හිටපු ජනපතිලාගේ වරප්‍රසාදත් එහෙමම තමයි.
ගන්ගා Wednesday, 06 November 2024 11:50 AM
වේදිකාවේ කිව්වේ හොරු අල්ලනවා කියලා, උගන්ඩා සල්ලි ගේනවා කියලා. වරප්‍රසාද අඩු කරනවා කියලා. අද කිසි දෙයක් නැහැ. මෙයාලා මහින්දලා ගැන කිසිම විපරමක් කරන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරද?
Lelwala Wednesday, 06 November 2024 12:04 PM
මොවුන් ලයිසන් දීලා තියෙන්නේ මැර කල්ලියකට නේ...
අරවින්ද මොනරවිල Wednesday, 06 November 2024 01:15 PM
රූකාන්තගෙනුයි චන්ද්‍රලේඛාගෙනුයි බේරෙන්න වෙන්න ඇති...!
සිල්වා Wednesday, 06 November 2024 01:45 PM
මේවා අර ගැසට් රිවස් වගේ පොරොන්දු රිවස්.
ranjith Wednesday, 06 November 2024 02:02 PM
මහ මැතිවරණයට කළින් කළින් වුණු පොරොන්දු ක්‍රියාත්මක කරන්න ඔක්කොම දියාරු වෙන්න නොදී...
ගමේ එකාලා Wednesday, 06 November 2024 03:45 PM
වහලුන්ට මොනවා කියන්ඩ බැරිද? ආසියාවේ ආශ්චර්ය ,සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටිත්,අපි දැක්කා.
පිටරැටියා Wednesday, 06 November 2024 06:08 PM
හිටපු ජනාධිපතිවරුන්ට මේ තරම් ආරක්ෂාවක් සපයන රටක් ලෝකෙම නැතුව ඇති...
Ashan Thursday, 07 November 2024 03:40 AM
මේ අදහස් බැලුවම පේනවා මිනිස්සු කොච්චර මෝඩද කියලා. ව්‍යවස්ථාවේ තියෙන දේවල් එහෙම හිතපු ගමන් ඉවත්කරන්න බෑ. ඒවා වෙනස් කරන්න තමයි 2/3 බලයක් දිය යුත්තේ. නැතුව ඡන්දෙ කාලේ කිව්ව කියල තුන්දෙනෙක් ඉන්න රජයකට ඒක කරන්න බෑ. කෑ ගහන කට්ටිය ඉවසන් ඉන්න. ඡන්දෙන් පස්සෙ වෙන දේ බලන්න