
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
හිටපු ජනපතිනියගේ ආරක්ෂාව ආරක්ෂක භටයන් තිහ දක්වා අඩුකර ඇතැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසා ඇතත් එය වැරදි ප්‍රකාශයක් බව කී විජිත හේරත් මහතා ඇයට ආරක්ෂක භටයන් පනස් හත් දෙනකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බව සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් අපි කාගේ කතාවද පිළිගන්න ඕන ?
චන්ද්‍රිකා මහින්ද යන ජනාධිපතිවරුන්ට කොටි තර්ජන තිබුණ.. ඒ නිසා එයාලගේ ජීවිත වලට යම් හානියක් වුනොත් මේ රජය ඒ වගකීම් බාරගන්න ඕනැ.
අන්තිමේ අල්ලපු හොරෙකුත් නැහැ කැපුවා වරප්‍රසාදයකුත් නැහැ අඩුකරපු දෙයකුත් නැහැ. අනේ මන්ද.
මෙයාල කිව්ව කිසිදෙයක් කරන්නේ නැහැ. ඡන්දෙ කටේ තියාගෙන ගෑස් තෙල් අඩු නොකරපු ආණ්ඩුව ඡන්දෙන් පස්සෙ මේන් කියලා අඩු කරයි. හිටපු ජනපතිලාගේ වරප්‍රසාදත් එහෙමම තමයි.
වේදිකාවේ කිව්වේ හොරු අල්ලනවා කියලා, උගන්ඩා සල්ලි ගේනවා කියලා. වරප්‍රසාද අඩු කරනවා කියලා. අද කිසි දෙයක් නැහැ. මෙයාලා මහින්දලා ගැන කිසිම විපරමක් කරන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරද?
මොවුන් ලයිසන් දීලා තියෙන්නේ මැර කල්ලියකට නේ...
රූකාන්තගෙනුයි චන්ද්‍රලේඛාගෙනුයි බේරෙන්න වෙන්න ඇති...!
මේවා අර ගැසට් රිවස් වගේ පොරොන්දු රිවස්.
මහ මැතිවරණයට කළින් කළින් වුණු පොරොන්දු ක්‍රියාත්මක කරන්න ඔක්කොම දියාරු වෙන්න නොදී...
වහලුන්ට මොනවා කියන්ඩ බැරිද? ආසියාවේ ආශ්චර්ය ,සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටිත්,අපි දැක්කා.
හිටපු ජනාධිපතිවරුන්ට මේ තරම් ආරක්ෂාවක් සපයන රටක් ලෝකෙම නැතුව ඇති...
මේ අදහස් බැලුවම පේනවා මිනිස්සු කොච්චර මෝඩද කියලා. ව්‍යවස්ථාවේ තියෙන දේවල් එහෙම හිතපු ගමන් ඉවත්කරන්න බෑ. ඒවා වෙනස් කරන්න තමයි 2/3 බලයක් දිය යුත්තේ. නැතුව ඡන්දෙ කාලේ කිව්ව කියල තුන්දෙනෙක් ඉන්න රජයකට ඒක කරන්න බෑ. කෑ ගහන කට්ටිය ඉවසන් ඉන්න. ඡන්දෙන් පස්සෙ වෙන දේ බලන්න