(අංජුල මහික වීරරත්න)
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එම ක්‍රමවේදය ඊයේ (4) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.
කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙන අතර ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක් වශයෙන් හිස් පාස්පෝර්ට් මෙරටට ගෙන්වා ගැනීමට පෙර පැවැති ආණ්ඩුව එකඟතාවයකට පැමිණ තිබූ බවත් අමාත්‍යවරයා කීය.
හිඟ පාස්පෝට් 750,000 එකවර ගෙන්වා ගැනීමට අදාළ ආයතනය සමඟ එකඟතාවයකට පැමිණ තිබුණේ නැතැයි ද ඒ ප්‍රශ්නය නිසා ඉල්ලුමට සරිලන පාස්පෝට් ප්‍රමාණයක් ලබාදෙන්න අපහසු තත්ත්වයක් මතු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
"මේක අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. අත්දැකීම හා පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝදුරට විසඳලා තියෙනවා. පළමුව අපි පාස්පෝට් ගෙන ඒමට මැදිහත් වුණා. දැන් ඒ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව පාස්පෝට් ලබාදෙන්න" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයෝ ඉස්සර ආණ්ඩුව මෙහෙම කළා... ඒ හින්දා මෙහෙම වුණා කියලා දැන් තොදොල්වෙන්න එපා. වැරැදි වුණු නිසා තමා රට්ටු තමුන්ලාව ගෙනාවේ. එහෙම නම් මොන බම්බුවටද කීවේ? පාස්පෝට් පෝලිම ඉවරයි කියලා. හරියට තත්වේ නොබලාද කීවේ. කොහොමත් දිගින් දිගටම එකම තැටිය ගහන මෙයයි, වසන්ත සමරසිංහයි තමා මේ ආණ්ඩුවටත් කෙලවන්නේ....! වැරැදි කරලා නම් කරපු එවුන් අල්ලනවලා. කෙලවිලා ඉන්න අපිට පෝලිම්වල තියලා තව කෙලවන්නේ නැතුව...
මුලු රටම හොරාකාලා කාබාසීනියා කෙරුවෙත්, අත්දැකීම් ඇති පළපුරුදු අයම තමයි...!
කිව්වේ අපිට දෙන්න අපි පැය 24 න් විසඳනවාද කියලානේ...
නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි.. ඔය කතා හොඳයි ජෙබ්බයින්ට...!
මෙයාලට ළමයි හැදෙන්නෙත් පල පුරුදු අයගෙන් වෙන්නේ ඇති...!
මේ රට කාබාසිනියා කරා කියලා බොරුවක් නිර්මාණය කරලා අපිව රවට්ටන්න බැහැ. මුන් හිතන්නේ සුද්දා තමයි මේ රට මේ විදිහට දියුණු කළේ කියලා.
සහතික ඇත්ත. ඔතැන ඉන්නවා විපුල කාරියවසම් කියලා සහ හිටපු ලොක්කා වියානි ගුණතිලක කියලා... දෙන්නෙක්... මොවුන්ව වහාම අත්අඩංගුවට ගත යුතුයි.
මිනිස්සු පෝලිමේ හිටියේ ඉල්ලුම්පත් භාර දෙන්න දිනයක් ගන්න. දැන් ඒක අන්තර්ජාලය හරහා කරන්න පුළුවන්.. ටික කලකට පෙරත් මේ ක්‍රමය තිබුණ නමුත් නවතලා දැම්මේ විශාල ලෙස අක්‍රමිකතා සිදුවුණු නිසා, පෝලිම නැතිවුණා කියන්නේ පාස්පෝර්ට් ප්‍රශ්නේ විසඳුනා කියන එක නොවේ. තවම ප්‍රශ්නේ ඒ විදිහටම තිබෙනවා. පාස්පෝර්ට් ලක්ෂ 10 ගෙනාවත් දිනකට නිකුත් කරන්නේ 1600 නම් ප්‍රශ්නේ දිගටම තිබෙනවා, ප්‍රශ්නේ විසඳන්න නම් දිනකට අයදුම්පත් 3000 වත් බාරගන්න පුළුවන් ලෙස නිලධාරී යොදවන්න ඕනේ... ඉදිරි මාසය තුළ, ඉන්පසු දිනකට 2000 බැගින්වත් ඉදිරියට නිකුත් කරගෙන යන්න ඕනේ...
පලපුරුදු අයගේ කෙරුවාව කිව්වොත් මේ රජය ආපුගමන් පාස්පෝට් ලොක්කා හිරේ, අනල අනලා කොමිස් ගහලා දැන් පැය 24න් ප්‍රශ්න විසඳන්න අහන එක තමයි ලොකුම විහිළුව...!
ඕකේ ඉන්නේ කලින් හිටිය නිලධාරිම තමයි.. වැඩ කරන්නේත් කලින් ක්‍රමයට, පගාව බලාපොරොත්තුවෙන් මිනිස්සු රස්තියාදු කිරීමත් ජයට කෙරීගෙන යනවා... වෙනස් වෙලා තිබෙන්නේ ඇමති පමණි. ආණ්ඩුව කියන්නේ ඔය ගොල්ලට ඕනේ විදිහට වැඩ කරගෙන යන්න අපි නිලධාරීන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැහැ කියලා... දූෂිත නිලධාරීන්ට හරියට මේවා ඉබ්බා දියේ දැම්මා වගේ, පාස්පෝර්ට් රියදුරු බලපත් අවුල් හදන්න නිලධාරියෝත් හවුල් වුණා.. තවම දුක් විඳින්නේ ජනතාව... රටේ ජනතාව බහුතරයක් නොමිලේ කන්න ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ කාර්යක්ෂම සාධාරණ රාජ්‍ය සේවයක්... කාර්යක්ෂම පොදු ප්‍රවාහනයක්... සෞඛ්‍ය සේවයක්, ඒවා දුන්නා නම් මිනිස්සු හම්බ කරගෙන කාවි..!
පාස්පෝට් ප්‍රශ්ණය ඇතිවුනේ පසුගිය ආණ්ඩුවෙන්. ගතමනාව ගන්න ටෙන්ඩර්ක්රමයට පිටින් ගිහින් පාස්පොට් කොන්ත්‍රාත්තුව දීල නිසා. ඒ සමඟම අලුතින් ඊ පාස්පෝට් දෙන්න බැරිව ඒකත් අනාගෙන නැවත පරණ පාස්පෝට් ක්‍රමය අනුගමනය කිරීමේ ප්‍රමාදය නිසා ජනතාවට පෝලිම්වල කල්මරන්න සිදුවුණා.
ලැබුණු පළමු චාන්ස් එකෙන්ම බස් එකේ කෝච්චියේ හොරෙන් ගිය, හොරට OT දාපු, පගාව ගත්තු, සීනි කිලෝව ග්‍රෑම් 900ට කිරපු මෙකී නොකී අය අතරේ ඔය ලයික් කරපු, ඩිස් ලයික් කරපු , කමෙන්ට් හැම කරපු ඛාණ්ඩ වල අය ඉන්නවා. නමුත් විහිළුව කියන්නේ මෙදා පාර මාලිමාවට ඡන්දේ දීපු බහුතරයක් යට මතක නැහැ. එයාලත් මේ රටවල පල්ලට ගෙන එන්න කොටස් කාරයෝ වුණු බව...
විවේඡනය කිරීමයි රට පාලනය කිරීමයි දෙකක් බව තේරුම් ගැනීමට ජෙප්පන්ට තවටිකක් කල් උවමනාය. ටිකිරි මොලේ නේ ඒකයි.
ඇයි තමුන්නාන්සේලාත් හොඳ පළපුරුදු අය නේද හැම ආණ්ඩුවකම වැරදි විවේචනය කරලා. වැරදි ෆයිල් හදලා, උසාවි ගිහින් නඩු දාලා, ස්ටේජ් දෙදරන්න හිරේ දානවා කියලා ලතෝනි දීලා? දැන් මොනවද අළුතෙන් දැකපු වැරදි? ඒ පරණ පුරුදු තියාගන්න එපා. නටන්න බැරි නම් පොළව ඇදයි නොකියා තමුන්ටත් බෑ කියන එක එලිපිට කියන්න.
ඔය පාස්පෝට් 750 000 එන කතාව ඡන්දෙට කලින් ඉදන් රටම දන්නවා